පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3141/’12
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) බඩල්කුඹුර නගරයේ ප්‍රධාන මාර්ග දෙපස ඉදිකර ඇති ගොඩනැගිලිවලට ඉහලින් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන දෙකක් යා කරනු ලබන අධිවෝල්ටීයතාවයකින් යුත් (වෝල්ට් 66000) විදුලි රැහැන් පද්ධතියක් ස්ථාපිත කර ඇති බව එතුමිය දන්නෙහිද?
(ආ) (i) නගරයක් මධ්‍යයේ ඉහත සඳහන් ආකාරයේ විදුලි රැහැන් ඇදීම සිදු නොකිරීම සාමාන්‍ය ප්‍රතිපත්තිය බවත්;
(ii) එසේ තිබියදී, නගර මධ්‍යයේ එම අධිවෝල්ටීයතාවයෙන් යුතු විදුලි රැහැන් ඇදීම නගරයේ සංවර්ධනයට මෙන්ම නගරවාසීන්ටද විශාල බාධාවක් බවත්;
එතුමිය පිළිගන්නෙහිද?
(ඇ) එසේ නම්, එම අධිවෝල්ටීයතාවයෙන් යුතු විදුලි රැහැන් පද්ධතිය ඇද ඇති මාර්ගය වෙනස් කිරීමට ක්‍රියා කරන්නේද යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-06
අසන ලද්දේ
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය (විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමිය)
(மாண்புமிகு (திருமதி) பவித்ராதேவி வன்னிஆரச்சி - வலு, சக்தி அமைச்சர்)
(The Hon. (Mrs.) Pavithradevi Wanniarachchi - Minister of Power and Energy)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට අදාළ පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) නැත. බඩල්කුඹුර නගරයේ ප්‍රධාන මාර්ගයේ එක්පසෙකවත් අධි වෝල්ටීයතාවකින් යුත් (වෝල්ට් 66000) ගොඩනැංවීමක් කර නොමැත. නගරයේ ගොඩනැගිලිවලට විදුලිය සපයන අඩු වෝල්ටීයතාවෙන් යුතු විදුලි රැහැන් මාර්ගය ඔස්සේ කිලෝ වොට් 33 (33 KV) බෙදා හැරීම් මාර්ගයක් මහා මාර්ගයේ එක් පසෙක ඉදි කර තිබේ. මෙම රැහැන් මාර්ගය කිසිදු ගොඩනැගිල්ලකට ඉහළින් ගමන් නොකරයි.
(ආ) (i) මාර්ග සංවර්ධන අධිකාරියේ උපදෙස් අනුව මහා මාර්ග සඳහා වෙන් කර තිබෙන සීමාව තුළ ප්‍රධාන මාර්ගය ඔස්සේ ඉදිකර ඇති අඩු සැර වෝල්ටීය විදුලි සැපයුම් මාර්ගය ඔස්සේම 33 KV සැපයුම් මාර්ගය ඉදි කර ඇත.
(ii) මාර්ගයට වෙන් කර ඇති ප්‍රදේශය ඔස්සේ කිලෝ වොට් 33 (33 KV) බෙදා හැරීම් මාර්ගය ඉදි කර තිබෙන්නේ මහා මාර්ගයට හා ගොඩනැගිලිවලට යෝග්‍ය ආරක්ෂිත දුර පවත්වා ගනිමිනි. එබැවින් මෙම රැහැන් මාර්ගය මඟින් කිසිදු සංවර්ධන ක්‍රියාවලියකට බාධාවක් ඇති වන්නේ නැත. විදුලිබල පනතේ රෙගුලාසි යටතේ මෙම ආරක්ෂාකාරී දුර සඳහන් කර තිබේ.
එසේම මෙම නව විදුලි මාර්ගය ඔස්සේ ප්‍රදේශයේ ආර්ථික සහ සමාජ සංවර්ධනය සඳහා තවදුරටත් පහසුකම් සැපයෙනු ඇත.
(ඇ) පැන නොනඟී.
එම බෙදා හැරීම් මාර්ගය ඉදි කර තිබෙන්නේ මහාමාර්ගයට වෙන් කර තිබෙන ප්‍රදේශය තුළ වේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks