පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3100/’12
ගරු පී. හැරිසන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) උතුරු මැද පළාතේ, එක් එක් දිස්ත්‍රික්කයේ,
(i) රජයේ පාසල්;
(ii) වර්ෂ 2005 සිට 2012 දක්වා කාල සීමාව තුළ වසා ඇති පාසල්;
(iii) සේවය කරන ගුරුවරුන්;
(iv) පවතින සම්පූර්ණ ගුරු පුරප්පාඩු;
(v) එක් එක් විෂයය අනුව පවතින ගුරු පුරප්පාඩු;
(vi) වැඩබලන විදුහල්පතිවරු;
(vii) ශ්‍රේණිධාරී ගුරුවරු;
(viii) ස්වෙච්ඡා ගුරුවරු;
සංඛ්‍යාව කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) උතුරුමැද පළාතේ, පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල සේවය කරන ස්වේච්ඡා ගුරුවරුන් සඳහා වැටුප් ගෙවන්නේද;
(ii) එසේ නම්, එම වැටුප කොපමණද;
(iii) ඉහත දිස්ත්‍රික්කවල රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස සිවිල් ආරක්ෂක නිලධාරීන් සේවය කරන්නේද;
(iv) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;
(v) ඔවුන්ට අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ හෝ වෙනත් ආයතනයක් යටතේ ගුරු පුහුණුවක් ලබා දී තිබේද;
(vi) ඔවුන් ඉදිරියේදී ගුරු සේවයට අනුයුක්ත කිරීමට අපේක්ෂිතද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-12-03
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு பந்துல குணவர்தன)
(The Hon. Bandula Gunawardane)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ රජයේ
පාසල් සංඛ්‍යාව - 540
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රජයේ
පාසල් සංඛ්‍යාව - 236
(ii) පාසල් වසා දැමීමක් කිසිදු විටක සිදු නොකෙරේ.
නමුත් ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වීම මත හා ඇතැම් ප්‍රදේශවල සිදු වන සංවර්ධන ක්‍රියාවලින් නිසා දරුවන් විතැන් වීම හේතුකොටගෙන මධ්‍යම පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් පාසල් සමහරක් වැසී ගොස් ඇත. මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් කිසිදු ජාතික පාසලක් මේ කාල පරිච්ඡේදය තුළ වැසී ගොස් නැත. පළාත් සභාවලට අයත් පාසල් සමහරක් වැසී ගොස් ඇත. ඒ සංඛ්‍යාව මෙසේයි:
|
දි දිස්ත්‍රික්කය |
එක් එක් වසර තුළ වැසී ගිය පාසල් ගණන |
|||||||
|
|
2005 |
2006 |
2007 |
2008 |
2009 |
2010 |
2011 |
2012 |
|
අනුරාධපුරය |
0 |
0 |
4 |
0 |
2 |
1 |
6 |
2 |
|
පොළොන්නරුව |
1 |
0 |
1 |
0 |
0 |
0 |
0 |
0 |
(iii) 13,469 යි.
(iv) 2666 යි.
(v) ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(vi) 406 යි.
(vii) 12,802 යි.
(viii) නැත.
(ආ) (i) නැත. (උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ ලිපියට අනුව)
(ii) අදාළ නොවේ.
(iii) ඔව්.
කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය වැනි ප්‍රදේශවල පිහිටි තර්ජිත හා මායිම් ගම්මානවල කොටි උවදුර පැවතීම නිසා එම ප්‍රදේශවල ගුරුවරුන් ඒ ස්ථාන අත්හැර යාම සිදු විය. ඔවුන් ස්ථානගත කිරීම අසීරු විය.
එබැවින් එම ප්‍රදේශවල සිසු දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේදී දුෂ්කරතා රාශියක් පැන නැගුණි. එවකට ආරක්ෂක අංශ යටතේ පැවති මෙම ප්‍රදේශවල විශාල අනාරක්ෂිත බවක් තිබූ අතර, සිසු දරුවන්ගේ ඉගෙනුම ක්‍රියාවලිය පවත්වාගෙන යාමට සිවිල් ජනතාව යොදා ගැනීම අපහසු බැවින් අධ්‍යාපන සුදුසුකම් සපුරන ලද සිවිල් ආරක්ෂක අංශයේ නිලධාරින් ගුරුවරුන් ලෙස සේවයේ යොදා ගන්නා ලදි. එම නිලධාරින් සිසු දරුවන්ට ආරක්ෂාවද සලසමින් ආයුධ සන්නද්ධව පාසල් පද්ධතියේ අධ්‍යාපන කටයුතු නිසියාකාරව පවත්වාගෙන යාමට මහඟු සේවයක් ඉටු කළ බව සඳහන් කළ යුතුව ඇත.
(iv) 123 යි.
(v) සේවාස්ථ ගුරු පුහුණුවක් ලබා දී ඇත.
(vi) මෙතෙක් කළ සේවය ද සලකා බලා ගුරු සේවයට ඇතුළත් කිරීමට මූලික සුදුසුකම් සපුරා ඇත්නම්, ස්ථිර ගුරු සේවයට ඇතුළත් වන්නට ඔවුන් බලාපොරොත්තු වේ නම්, ඉදිරියේදී ගුරු පත්වීම් ලබා දෙන විට ගුරු ව්‍යවස්ථාවට අනුව ඉල්ලුම් කරන්නට පුළුවන්. එසේ නැතිව බඳවා ගන්න අසීරුයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-05-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks