පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3074/’12
ගරු අජිත් පී. පෙරේරා මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පවත්වනු ලබන නීතිවේදී (LLB) උපාධි පාඨමාලාව සඳහා සිසුන් තෝරා ගැනීමට 2009, 2010 සහ 2011 වර්ෂවලදී පවත්වනු ලැබූ තරඟ විභාගය සඳහා පෙනී සිටි අපේක්‍ෂකයන් සංඛ්‍යාව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) 2009, 2010 සහ 2011 යන එක් එක් වර්ෂයේදී එම විභාගය පැවත්වූ දිනය සහ ප්‍රතිඵල නිකුත් කළ දිනය කවරේද යන්නත් එතුමා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?
(ඇ) ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ “දෘෂ්ඨි ප්‍රකාශනය” තුළ අන්තර්ගතකර ඇති “කාර්යක්‍ෂමබව” සමග ඉහත තත්ත්ව එකඟ වන්නේද යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-06
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු එස්.බී. දිසානායක මහතා (උසස් අධ්‍යාපන අමාත්‍යතුමා)
(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க - உயர் கல்வி அமைச்சர்)
(The Hon. S.B. Dissanayake - Minister of Higher Education)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ)
|
අධ්‍යයන වර්ෂය |
පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව |
|
2009 |
5,330 |
|
2010 |
4,459 |
|
2011 |
10,178 |
(ආ)
|
අධ්‍යයන වර්ෂය |
විභාගය පැවැත්වූ දිනය |
ප්‍රතිඵල නිකුත් කළ දිනය |
|
2009 (2009 අධ්‍යයන වර්ෂය සඳහා) |
2009.01.31 |
2009.06.24 |
|
2009 (2010 අධ්‍යයන වර්ෂය සඳහා) |
2009.10.31 |
2010.06.23 |
|
2011 (2011 අධ්‍යයන වර්ෂය සඳහා) |
2011.02.31 |
2011.08.09 |
(ඇ) මෙම පාඨමාලාව සඳහා ලැබෙන අතිවිශාල ඉල්ලුම්පත් සංඛ්‍යාව අනුව සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ විවිධ අදියර මුළුල්ලෙහිම දැඩි රහස්‍යභාවයක් පවත්වා ගැනීමට සිදු විය. සැලකිය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාවක් පරීක්ෂණයේ විවිධ කොටස් සඳහා වූ බහුවරණ පිළිතුරු පත්‍රවල විභාග අංක දෝෂ සහිතව සඳහන් කර තිබුණි. මෙම තත්ත්වය ද මුහුණ දුන් අනෙකුත් දුෂ්කරතා ද තෝරා ගනු ලැබුවේ නිවැරදි අපේක්ෂකයන් බවට තහවුරු කර ගැනීමට යොදා ගත් බහුවිධ ක්‍රියාවලිය ද සැලකූ කල සමස්ත කාර්යය සඳහා ගෙන ඇති කාලය සාධාරණ වේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks