පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3032/’12
ගරු රෝසි සේනානායක මහත්මිය,— පරිසර අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) ‘ඇගාවා’ නැමති ඖෂධීය ශාකයට ආදේශක ශාකයක් ලෙස භාවිතා කරනු ලබන, ශ්රී ලංකාවට ආවේනික, ඖෂධීය ගුණයෙන් යුතු, ලොව වඳවීගෙන යන ශාක ගණයට අයත් ‘වල්ලාපට්ටා’ (Gyrinops walla) ශාකයේ දැව ඉන්දියාවට අපනයනය කරන ජාවාරමක් පිළිබඳව එතුමා දන්නෙහිද?
(ආ) (i) අපනයනයට සූදානම් කර තිබියදී කලවාන වෙම්මියගොඩ (සිංහරාජ වනාන්තරයට යාබද) ප්රදේශයෙන් අත්අඩංගුවටගත් ‘වල්ලාපට්ටා’ ලී කැබලි කිලෝ ගණන කොපමණද;
(ii) එම දැව කිලෝග්රෑම් එකකට ජාවාරම්කරුවන් විසින් ගෙවා ඇති මුදල කොපමණද;
(iii) ලෝක වෙළඳපොලේ ‘වල්ලාපට්ටා’ දැව කිලෝග්රෑම් එකක් අලෙවි කර ඇති මුදල කොපමණද;
(iv) ‘වල්ලාපට්ටා’ දැව ජාවාරම පසුපස සිටින ජාවාරම්කරුවන් කවුරුන්ද;
(v) එම ජාවාරම්කරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේද;
(vi) ඔවුන්ට ලබාදෙන දඬුවම කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) ‘වල්ලාපට්ටා’ නැමති ඖෂධීය ශාකය සංරක්ෂණයට ගෙන ඇති පියවර කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-29
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්යාංශය
පරිසර
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු අනුර ප්රියදර්ශන යාපා මහතා (පරිසර අමාත්යතුමා)
(மாண்புமிகு அநுர பிரியதர்ஷன யாப்பா - சுற்றாடல் அமைச்சர்)
(The Hon. Anura Priyadharshana Yapa - Minister of Environment)
ගරු කථානායකතුමනි, මා එම ප්රශ්නයට පිළිතුර දෙනවා.
(අ) ඔව්. 2012.07.14 දින රත්නපුර දිසා වන කාර්යාලය යටතේ පවතින කලවාන අඩවි වන නිලධාරි කාර්යාලයේ වන නිලධාරින් පිරිසක් විසින් කලවාන බම්බියගොඩ ප්රදේශයේ නිවසක් වටලා එහි තිබූ වල්ලපට්ටා දැව කැබැලි තොගයක් හා එහි සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
(ආ) (i) අත් අඩංගුවට ගෙන ඇති කැබැලි ප්රමාණය කිලෝග්රෑම් 10ක් පමණ වේ.
(ii) නොදනී.
(iii) ලෝක වෙළෙඳ පොළෙහි මෙම දැවවලින් ලබා ගන්නා රෙසින් කිලෝග්රෑමයක් සඳහා රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලැබෙන බව වාර්තා වී ඇතත්, එහි වටිනාකම වෙනස් විය හැක.
(iv) මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැත.
(v) දැව එකතු කරමින් සිටි දෙදෙනා (ශ්රී ලාංකිකයකු හා ඉන්දියානු ජාතිකයකු) දැනට අත් අඩංගුවට ගෙන ඇත.
(vi) මූලික විමර්ශන කටයුතු පවත්වා අවසන් කර ඇති අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව 2012.11.28 දින අදාළ සැකකරුවන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇත.
(ඇ) මෙම ශාකය ස්වභාවිකව වැඩෙන තෙක් කලාපීය හා අතර මැදි කලාපීය වනාන්තර සියල්ලම පාහේ මේ වන විට සංරක්ෂිත හා රක්ෂිත වනාන්තර වශයෙන් ප්රකාශයට පත් කොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විශේෂ ආරක්ෂාවක් සලසා ඇත. මෙම ශාකය අපනයනය නියාමනය කිරීම මඟින් අනවසරයෙන් මෙම ශාක ද්රව්ය අපනයනය වැළැක්වීමට කටයුතු කර ඇත. එසේම මෙම ශාකය වනාන්තරවලින් පරිබාහිරව වගාවක් වශයෙන් ප්රචලිත කිරීම සඳහා දැනට පර්යේෂණ සිදු කරමින් පවතී.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-11-29
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුර ප්රියදර්ශන යාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks