පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2984/’12
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— නැවත පදිංචි කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යුද්ධය නිසා අවතැන් වූ උතුරු පළාතේ මුස්ලිම් ජනතාව යළි පදිංචියේදී අවශ්‍ය ලියාපදිංචි කිරීම් සහ යටිතල පහසුකම් ලබා දෙන බවට වූ පොරොන්දුව මත තම මුල් ගම්බිම් වෙත නැවත සංක්‍රමණය වී ඇති බවත්;
(ii) එවැනි පවුල් 32,000 කට පමණ අවශ්‍ය ලියාපදිංචි කිරීම්, යටිතල පහසුකම් හා අධ්‍යාපන පහසුකම් ආදිය ලබාදීමට තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්;
(iii) මේ වනවිට මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා වට 1400 කදී පමණ කරුණු දක්වා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) 2012 වර්ෂය තුළ නැවත මුල් ගම් බිම් කරා සංක්‍රමණය වී ඇති අවතැන් වූ මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව කොපමණද;
(ii) සංක්‍රමණය වූ එම ජනතාවගෙන් මේ වන විට ලියාපදිංචිකර ඇති සංඛ්‍යාව කොපමණද;
(iii) අවතැන්වූ මුස්ලිම්වරුන් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදනයන් රාජ්‍ය නොවන සංවිධාන විසින් ලබාදී තිබියදීත්, අවශ්‍ය ලියාපදිංචි කිරීම් කටයුතු සහ යටිතල පහසුකම් ලබාදීමේ කටයුතු සිදු නොකිරීමට හේතු කවරේද;
(iv) වෙනත් රටක් මැදිහත් වී මෙම ප්‍රශ්නය විසඳීමට පෙර අදාළ පහසුකම් සහ ලියාපදිංචිය ඔවුන්ට ලබාදීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-04-24
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීමේ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ගුණරත්න වීරකෝන් මහතා (නැවත පදිංචි කිරීමේ අමාත්‍යතුමා)
(மாண்புமிகு குணரத்ன வீரகோன் - மீள்குடியேற்ற அமைச்சர்)
(The Hon. Gunaratne Weerakoon - Minister of Resettlement)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) මේ වන විට එල්ටීටීඊ සංවිධානය විසින් පලවා හැරීම හේතුවෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව තම මුල් ගම්බිම්වල පදිංචි වීම සිදුවෙමින් පවතී. ඔවුන්ගේ කැමැත්ත මත මුල් ගම්බිම්වලට යාමට අවශ්‍ය ඕනෑම අයෙකුට කිසිදු බාධාවකින් තොරව ඒ සඳහා ලියාපදිංචිය ලබා දී ඇත.
(ii) උතුරු පළාතේ නැවත පදිංචිය සඳහා මුස්ලිම් පවුල් 19,875ක් ලියාපදිංචි කර ඇත. ඔවුන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ අධ්‍යාපන පහසුකම් ලබා දීමට අදාළ රේඛීය අමාත්‍යාංශ විසින් කටයුතු කරනු ඇත.
(iii) වාර්තා වී නොමැත.
(ආ) (i) 2012 වර්ෂය අවසන් වන විට මුල් ගම්බිම්වලට සංක්‍රමණය වූ අවතැන් මුස්ලිම් පවුල් සංඛ්‍යාව පහතින් දක්වා ඇත.
|
දිස්ත්‍රික්කය |
සංක්‍රමණය වූ මුස්ලිම් පවුල් සංඛ්‍යාව |
|
කිලිනොච්චිය |
618 |
|
මන්නාරම |
14,004 |
|
මුලතිවු |
2,144 |
|
යාපනය |
2,138 |
|
වවුනියාව |
971 |
|
මුළු සංඛ්‍යාව |
19,875 |
(ii) ඉහත සටහන අනුව උතුරු පළාතෙහි මුස්ලිම් පවුල් 19875ක් ලියාපදිංචි කර ඇත
(iii) එල්ටීටීඊ සංවිධානය විසින් පලවා හරින ලද ඉහත සඳහන් මුස්ලිම් පවුල්වල සුබසාධනය සඳහා රාජ්‍ය නොවන සංවිධානවලින් ප්‍රමාණවත් ආධාර මුදල් මේ වන තෙක් ලැබී නොමැත. එබැවින් 2009 මැයි මාසයට පෙර අවතැන් වූ සියලුම ජන වර්ගයන්ට අයත් නමුත් ප්‍රමාණවත් ලෙස ඉඩම් හෝ නිවාස ආධාර නොලැබුණ අවතැන් වූ පවුල් පිළිබඳව අධ්‍යයනයක් මාගේ අමාත්‍යාංශය විසින් දැනට සිදු කරමින් පවතී.
(iv) ඉහත අධ්‍යයනය තුළින් අදාළ පවුල් සංඛ්‍යාව සත්‍යේක්ෂණය කර ගැනීමෙන් අනතුරුව 'මහින්ද චින්තන ඉදිරි දැක්ම' ප්‍රතිපත්ති රාමුව තුළ ඔවුන්ට අවශ්‍ය නිවාස අධාර ලබා දීමට පියවර ගනු ලැබේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-04-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ගුණරත්න වීරකෝන් මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks