01

සි   |     |  

 Date: 2013-04-24   Answered 

2984/2013: MUSLIM RETURNEES OF NORTHERN PROVINCE : REGISTRATION AND FACILITIES

2984/’12

Hon. Akila Viraj Kariyawasam,— To ask the Minister of Resettlement,—

(a) Is he aware that—

(i) the Muslims of the Northern Province, displaced owing to the war, have returned to their original villages as they were promised of necessary registration and infrastructure facilities;

(ii) no step has been taken so far to provide nearly 32,000 such families with necessary registration, infrastructure and educational facilities; and

(iii) matters relevant this issue have been raised at nearly 1400 rounds of discussion held by now ?

(b) Will he state—

(i) the number of displaced Muslims who have returned to their original villages in the year 2012;

(ii) out of those returnees , the number that has been registered by now;

(iii)  the reason for not effecting the necessary registration and not providing infrastructure  facilities despite the required financial allocations being provided by Non-government Organizations for the purpose of resettling  the displaced Muslims; and

(iv) whether arrangements will be made to register them and provide them with the necessary facilities before a foreign country intervenes to solve this problem ?

(c) If not, why?

 

Asked Date

2013-04-24

Asked by

Hon. Akila Viraj Kariyawasam, M.P.

Ministry

Resettlement

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ගුණරත්න වීරකෝන් මහතා (නැවත පදිංචි කිරීමේ  අමාත්‍යතුමා)

(மாண்புமிகு குணரத்ன வீரகோன் - மீள்குடியேற்ற அமைச்சர்)

(The Hon. Gunaratne Weerakoon - Minister of Resettlement)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      මේ වන විට එල්ටීටීඊ සංවිධානය විසින් පලවා හැරීම හේතුවෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව තම මුල් ගම්බිම්වල පදිංචි වීම සිදුවෙමින් පවතී. ඔවුන්ගේ කැමැත්ත මත මුල් ගම්බිම්වලට යාමට අවශ්‍ය ඕනෑම අයෙකුට කිසිදු බාධාවකින් තොරව ඒ සඳහා ලියාපදිංචිය ලබා දී ඇත.

(ii) උතුරු පළාතේ නැවත පදිංචිය සඳහා මුස්ලිම් පවුල් 19,875ක් ලියාපදිංචි කර ඇත. ඔවුන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ අධ්‍යාපන පහසුකම් ලබා දීමට අදාළ රේඛීය අමාත්‍යාංශ විසින් කටයුතු කරනු ඇත.

(iii)  වාර්තා වී නොමැත.

(ආ) (i) 2012 වර්ෂය අවසන් වන විට මුල් ගම්බිම්වලට සංක්‍රමණය වූ  අවතැන් මුස්ලිම් පවුල් සංඛ්‍යාව පහතින් දක්වා ඇත.

දිස්ත්‍රික්කය

සංක්‍රමණය වූ මුස්ලිම් පවුල්                               සංඛ්‍යාව

කිලිනොච්චිය

                             618

මන්නාරම

                        14,004

මුලතිවු

                          2,144

යාපනය

                          2,138

වවුනියාව

                             971

මුළු සංඛ්‍යාව

                       19,875

(ii) ඉහත සටහන අනුව උතුරු පළාතෙහි මුස්ලිම් පවුල් 19875ක් ලියාපදිංචි කර ඇත

(iii)      එල්ටීටීඊ සංවිධානය විසින් පලවා හරින ලද ඉහත සඳහන් මුස්ලිම් පවුල්වල සුබසාධනය  සඳහා රාජ්‍ය නොවන සංවිධානවලින් ප්‍රමාණවත් ආධාර මුදල් මේ වන තෙක් ලැබී නොමැත. එබැවින් 2009 මැයි මාසයට පෙර අවතැන් වූ සියලුම ජන වර්ගයන්ට අයත් නමුත් ප්‍රමාණවත් ලෙස ඉඩම් හෝ නිවාස ආධාර නොලැබුණ අවතැන් වූ පවුල් පිළිබඳව අධ්‍යයනයක් මාගේ අමාත්‍යාංශය විසින් දැනට සිදු කරමින් පවතී.

(iv) ඉහත අධ්‍යයනය තුළින් අදාළ පවුල් සංඛ්‍යාව සත්‍යේක්ෂණය කර ගැනීමෙන් අනතුරුව 'මහින්ද චින්තන ඉදිරි දැක්ම' ප්‍රතිපත්ති රාමුව තුළ ඔවුන්ට අවශ්‍ය නිවාස අධාර ලබා දීමට පියවර ගනු ලැබේ.

(ඇ) පැන නොනඟී.

 

 

Answered Date

2013-04-24

Answered by

Hon. GUNARATNE WEERAKOON, M.P.,, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks