01

E   |     |  

 දිනය: 2013-03-22   පිළිතුර ලබා දී ඇත 

2978/2013: සිවිල් ‍ගුවන් සේවා අධිකාරිය : ස්ථිර ගොඩනැඟිල්ල

2978/’12

 

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       සිවිල් ‍ගුවන් සේවා අධිකාරිය පිහිටුවා වර්ෂ  10ක් ගතවී ඇතත්, මේ වනතෙක් එම ආයතනයට ස්ථිර ගොඩනැගිල්ලක් නොමැති බවත්;

            (ii)       එම අධිකාරියේ වගකිව යුතු බලධාරීන් විසින් රාජ්‍ය මුදල් අවිධිමත් ලෙස හා අපරීක්ෂාකාරී ලෙස වැය කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  පසුගිය වර්ෂ 10ක් පුරා සිවිල් ‍ගුවන් සේවා අධිකාරිය පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල සඳහා ගෙවා ඇති කුලී මුදල කොපමණද;

  (ii)  බිම් කුලිය ලෙස විශාල බදු මුදලක් ගෙවන එම අධිකාරිය සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු කරන්නේද;

  (iii)  එම ආයතනයේ මුදල් අපරීක්ෂාකාරී ලෙස  පරිහරණය කළ බලධාරියාට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-22

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ගීතාංජන ගුණවර්ධන මහතා (සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு கீதாஞ்ஜன குணவர்தன - சிவில் விமான சேவைகள் பிரதி அமைச்சர்)

(The Hon. Gitanjana Gunawardena - Deputy Minister of  Civil  Aviation)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      ඔව්.

              (ii)      නැත.

(ආ)         (i)      රුපියල් 166,568,596.00 (බදු නොමැතිව)

(ii) ඔව්.

(iii) අදාළ නැත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ගීතාංජන ගුණවර්ධන මහතා පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks