04

E   |     |  

 දිනය: 2013-03-08   පිළිතුර ලබා දී ඇත 

2968/2013: දුම්රිය මැදිරි පෞද්ගලික සමාගම්වලට පැවරීම : ආදායම

2968/’12

 

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය මැදිරි කිහිපයක් මේ වන විට පෞද්ගලික සමාගම්වලට පවරා දීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු ආදායම් අහිමිවී ඇති බව එතුමා දන්නෙහිද?                

(ආ)        (i)      දුම්රිය මැදිරි පෞද්ගලික සමාගම් වෙත පවරාදීම මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම කොපමණද;

(ii) දුම්රිය මැදිරි පෞද්ගලික සමාගම්වලට ලබාදීම තුළින් දුම්රිය සේවය  පෞද්ගලීකරණය කිරීමට අපේක්ෂා කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) පෞද්ගලික සමාගම්වලට පවරා දී ඇති දුම්රිය මැදිරි නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට කටයුතු කර දුම්රිය සේවය  පෞද්ගලීකරණයවීමට ඉඩ නොදී රැක ගැනීමට කටයුතු කරන්නේදැයි එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2013-03-08

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

ගරු කුමාර වෙල්ගම මහතා (ප්‍රවාහන අමාත්‍යතුමා)

(மாண்புமிகு குமார வெல்கம - போக்குவரத்து அமைச்சர்)

(The Hon. Kumara Welgama - Minister of Transport)

 

ගරු කථානායකතුමනි, පිළිතුර මෙයයි.

(අ) දුම්රිය මැදිරි පෞද්ගලික සමාගම් වෙත පවරා දී නොමැත. සිදු කර ඇත්තේ මැදිරි කීපයක් කුලී පදනම මත සුඛෝපභෝගි ලෙස ධාවනය කිරීමට අවස්ථාව සලසා දීම පමණි. ආදායම අහිමි වී නැත. ඒ වෙනුවට නව ආදායම් මාර්ගයක් උත්පාදනය වී ඇත.

 

(ආ) (i)     බ්ලූ ලයින් ආයතනයේ රාජධානි මැදිරිවලින් ලැබෙන මසක ආදායම රුපියල් 49,42,080.00කි.

එක්ස්පො කොන්සොලිඩේටර්ස් (පුද්ගලික) ආයතනයේ එක්ස්පො මැදිරිවලින් ලැබෙන මසක ආදායම රුපියල් 54,10,080.00කි.

(ii) නැත.

දුම්රිය මැදිරි පෞද්ගලික සමාගම් වෙත ලබා දීම තුළින් පෞද්ගලීකරණය කිරීමට නොව පුද්ගලික අංශය සහභාගි කරවා ගෙන නව දුම්රිය පහසුකම් ඇති කර නව ආදායම් මාර්ගයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

 

(ඇ) දැනටමත් අදාළ මැදිරි දුම්රිය දෙපාර්තමේන්තුව භාරයේ පවතින බැවින් එසේ කිරීමට අවශ්‍යතාවක් නැත.

 

(ඈ) ඉහත (ඇ) අනුව අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks