පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2957/’12
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1982 වර්ෂයේදී පවා විදේශයන් සමග සන්නිවේදනය කළ හැකි තරම් දියුණු සන්නිවේදන පද්ධතියක් හිමිව තිබූ බුලත්සිංහල ප්‍රධාන තැපැල් කාර්යාලය මේ වන විට දැඩි ලෙස අබලන්ව ඇති බවත්;
(ii) ආරම්භ කළ වර්ෂයේ සිට මේ වන තෙක් එම කාර්යාලයේ කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුකර නොමැති බවත්;
(iii) මේ වන විට එහි නිලධාරීන් 11 දෙනෙකු සඳහා පුරප්පාඩු පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම ප්‍රධාන තැපැල් කාර්යාලය යටතේ පාලනය වන උප තැපැල් කාර්යාල සංඛ්‍යාව කොපමණද;
(ii) එම ප්‍රධාන තැපැල් කාර්යාලයේ සහ ඉහත සඳහන් උප තැපැල් කාර්යාලවල සේවය කරනු ලබන මුළු සේවක සංඛ්‍යාව කොපමණද;
(iii) ප්‍රධාන තැපැල් කාර්යාලය වෙතින් පමණක් සේවය ලබන සේවාලාභීහු සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) බුලත්සිංහල ප්‍රධාන තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීමටත්;
(ii) එහි පවතින අඩුපාඩු සොයා බලා ඒවා සම්පූර්ණ කර දීමටත්;
පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-26
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
තැපැල් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ජීවන් කුමාරණතුංග මහතා (තැපැල් සේවා අමාත්‍යතුමා)
(மாண்புமிகு ஜீவன் குமாரணதுங்க - தபால் சேவைகள் அமைச்சர்)
(The Hon. Jeewan Kumaranatunga - Minister of Postal Services)
(අ) (i) ඔව්. බුලත්සිංහල තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලේ අලුත්වැඩියා කළ යුතු අංශවල සුළු හා හදිසි අලුත්වැඩියා කටයුතු සිදු කර ඇත.
(ii) ආරම්භ කළ වර්ෂයෙන් පසු කීප වතාවක් ගොඩනැඟිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදු කර ඇත.
(iii) මෙම කාර්යාලයේ නිලධාරි පුරප්පාඩු නැත.
(ආ) (i) උපතැපැල් කාර්යාල 07කි. ලිපි බෙදීම් සහිත කාර්යාල 05ක් හා ලිපි බෙදීම් රහිත කාර්යාල 02ක් වශයෙනි.
(ii) තැපැල් ස්ථානාධිපති (ඒ.තැ.සේ. "ආ" I "අ") 01
දෙවෙනි පෙළ තැපැල් ස්ථානාධිපති 02
(ඒ.තැ.සේ. "ආ" I "ආ") උපතැපැල් ස්ථානාධිපති 07
නිල ඇඳුම් කාර්ය මණ්ඩලය -(ඒ.තැ.සේ. "ඇ" I) 14
නිල ඇඳුම් කාර්ය මණ්ඩලය - (ඒ.තැ.සේ. "ඇ" II) 02
නිල ඇඳුම් කාර්ය මණ්ඩලය - (ඒ.තැ.සේ. "ඇ" III) 02
එකතුව 28
(iii) දළ වශයෙන් 63,000ක් පමණ.
(ඇ) (i) ඔව්. 2013 වසරේ සම්පූර්ණ අලුත්වැඩියාවක් සඳහා ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමට කටයුතු කර ඇත.
(ii) සම්පූර්ණ අලුත්වැඩියාවෙන් පසු මෙම තත්ත්වය මඟ හැරී යන අතර, මේ පිළිබඳව නිරන්තරයෙන්ම පසු විපරම් සිදු කරනු ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2012-11-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ජීවන් කුමාරණතුංග මහතා. පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks