01

E   |   த   |  

 දිනය: 2012-11-24   පිළිතුර ලබා දී ඇත 

2956/2012: වෛද්‍ය උපාධි විෂය නිර්දේශය : ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය ඉවත් කිරීම

2956/’12

 

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       වර්තමානයට ගැලපෙන අයුරින් වෛද්‍ය විද්‍යාව සඳහා නව විෂය ක්ෂේත්‍ර එකතු කරනු වෙනුවට පවතින වෛද්‍ය විද්‍යා විෂය නිර්දේශයෙන් කොටස් ඉවත් කරමින් සහ ඒ සඳහා වන ප්‍රතිපාදන අඩු කරමින් සිටින බවත්;

(ii) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කර ඇති පරිදි ඉහත තත්ත්වය යටතේ අදාළ විෂයය නිර්දේශයෙන්  ශල්‍ය වෛද්‍ය විද්‍යා කොටස ඉවත් කරමින් සිටින බවත්;

(iii) එමගින් ගුණාත්මක වෛද්‍ය ක්ෂේත්‍රයක් ඇති කිරීමට ගත් උත්සාහයන් ගැටලුකාරී තත්වයකට ඇද දමා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මේ වන විට වෛද්‍ය උපාධිය සඳහා නිර්දේශිත විෂයන් කවරේද;

(ii) වෛද්‍ය උපාධියට අදාළ විෂය නිර්දේශයෙන් ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය ඉවත් කිරීමට හේතුව කවරේද;

(iii) ගුණාත්මක වෛද්‍යවරයෙකු බිහි කිරීම සඳහා ශල්‍ය වෛද්‍ය අංශයේ දැනුමද මහෝපකාරී නොවන්නේද;

(iv) ශල්‍ය වෛද්‍ය විෂයය ක්ෂේත්‍රය වෛද්‍ය උපාධියෙන් ඉවත් නොකොට පූර්ණකාලීනව එම උපාධියේ විෂය පථය තුළ තබා ගැනීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-24

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එස්.බී. දිසානායක මහතා (උසස් අධ්‍යාපන අමාත්‍යතුමා)

(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க - உயர் கல்வி அமைச்சர்)

(The Hon. S.B. Dissanayake - Minister of Higher Education)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට අදාළ පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      නැත.

               (ii)      නැත.

              (iii)      එවැනි ගැටලුකාරී තත්ත්වයක් මතුවී නොමැත.

 

(ආ)       (i)    පූර්ව සායනික විෂයයන්  

                    කායව්‍යවච්ඡේදය (Anatomy)

                    භෞතවේදය (Physiology)

                    ජෛව රසායන විද්‍යාව (Bio Chemistry)

                    පශ්චාත් සායනික විෂයයන් 

                    ඖෂධවේදය (Pharmacology)

                    ක්ෂුද්‍රජීව විද්‍යාව (Micro Biology)

                    පරපෝෂිතවේදය (Parasitology)

                    ප්‍රජා වෛද්‍යවේදය (Community Medicine)

                    අධිකරණ වෛද්‍ය විද්‍යාව (Forensic Medicine)

                    ව්‍යාධිවේදය (Pathology) 

                    සායනික විෂයයන්

                    වෛද්‍ය විද්‍යාව (Medicine)

                    නාරි හා ප්‍රසූත වේදය (Obstetrics & Gynaecology)

                    ළදරු රෝග වේදය (Paediatrics)

                     ශල්‍ය වෛද්‍ය වේදය (Surgery)

          (ii)      අදාළ නොවේ.

          (iii)      මහෝපකාරී වේ.

          (iv)      ඔව්.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2012-11-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks