01

E   |     |  

 දිනය: 2012-11-16   පිළිතුර ලබා දී ඇත 

2951/2012: සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල : විස්තර

2951/’12

 

ගරු අජිත් කුමාර මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල ආරම්භ කරනු ලැබු දිනය කවරේද;

            (ii)      ආරම්භක දිනයේ සිට මේ දක්වා එම අරමුදලේ සාමාජික සංඛ්‍යාව සහ ඊට ලැබුණු මුදල, සමෘද්ධි සහනාධාර නිකුත් කළ කාර්තු අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) 2012 ජුනි 30 දිනට එම අරමුදලේ ‍ශේෂය කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) එම අ‍රමුදලෙහි,

(i) මුදල් භාවිතා කළ හැකි කාර්යයන්;

(ii) ආරම්භයේ සිට මේ දක්වා එහි මුදල් භාවිතා කර ඇති කාර්යයන්;

(iii) නීතිමය තත්ත්වය විග්‍රහ කරන පනත් හා රෙගුලාසි;

(iv) සාමාජිකයෙකුගේ සමාජ ආරක්‍ෂණ හිමිකමක් සඳහා වන  ඉල්ලීමකට අදාළ ගෙවීම සිදුකිරීමට ගතවන කාලය;

(v) සමාජිකයකුට හිමි ගෙවීම සිදුකිරීමේදී  නියමිත කාලය ඉක්මවා යන්නේ නම්, ඊට හේතු;

කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල භාවිත කර වෙනත් ආයෝජන සිදුකර ති‍බේද;

(ii) එසේ නම්, ආරම්භයේ සිට මේ දක්වා සිදුකළ ආයෝජනයන්ගෙන් උපයාගෙන ඇති ලාභය කොපමණද;

(iii) එම ලාභ බෙදීයන පාර්ශ්වයන් කවරේද;

(iv) එම එක් එක් පාර්ශ්වයන් වෙත බෙදීයන මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-16

අසන ලද්දේ

ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා

(மாண்புமிகு லக்ஷ்மன்  யாப்பா  அபேவர்தன)

(The Hon.  Lakshman  Yapa  Abeywardena)

ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මම එම  ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      1997 ජනවාරි මස 01 දින.

              (ii)      ලැබුණු මුදල, සහනාධාර නිකුත් කළ කාර්තු අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම් අංක 02හි දක්වා ඇත.

ඔබතුමාට එය ගන්න පුළුවන්. විශාල ලේඛනයක් තිබෙනවා.

(iii) රුපියල් මිලියන හයදහස් හයසිය හැට හතයි දශම දෙකයි පහකි. (රු.මි.6,667.25) - ඇමුණුම් අංක 03හි විස්තර දක්වා ඇත.

(ආ) (i) උපත්, විවාහ, රෝග, මරණ හා සිප්දොර ශිෂ්‍යත්ව යන කරුණුවලට සහනාධාර සැපයීමට භාවිත කෙරේ. සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සමාජ ආරක්ෂණය සම්බන්ධ වැඩ සඳහා මෙම අරමුදල යෙදවිය හැක.

(ii) සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ උපත්, මරණ, විවාහ, සිප්දොර ශිෂ්‍යත්ව, රෝග සඳහා වියදම් දරා ඇති අතර, සමෘද්ධිලාභී කාන්තාවන්ගේ ස්වයං රැකියා වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.

(iii) සමෘද්ධි අමත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ පදනම් කර ගෙන 1997.01.01  දිනැති සමෘද්ධි සමාජ සංවර්ධන අරමුදලේ අංක 80 දරන ඔප්පුව මඟිනි.

(iv) නියමිත කාලය තුළම ගෙවීම් සිදු කරනු ඇත.

ඒ කියන්නේ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරලා ඒ අයගේ ලියකියවිලි සම්පූර්ණ කළොත් දින තුනක් ඇතුළතදී ක්ෂණිකව ගෙවනු ලබයි.

(v) ගෙවීම් කිරීමට අවශ්‍ය නීතිමය ලියකියවිලි සම්පූර්ණ නොකළ අවස්ථාවකදීය.

(ඇ) (i) මෙම මුදල් ප්‍රතිලාභී ගෙවීම් සඳහා යොදා ගනු ලබන අතර, ඉතිරි වන මුදල් රාජ්‍ය බැංකුවල ආයෝජනය කර ඇත.

(ii) එම ආයෝජන සඳහා පොලී ලබා ගෙන ඇත. පොලිය මුල් මුදලට එකතු කර නැවත ආයෝජනය කර ඇත. ඇමුණුම් අංක 03හි  ආයෝජනය කර ඇති ආකාරය විස්තර කර ඇත.

ඇමුණුම් 02 සහ 03 සභාගත* කරමි.

             (iii)      සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලට දායක වී ඇති සමෘද්ධි ලාභීන් පමණක්ම එම ලාභ බෙදී යන පාර්ශ්වයන් හැටියට  සලකනු ලැබේ.

             (iv)      පැන නොනඟී.

(ඈ)  අදාළ නොවේ.

*සභාමේසය මත තබන ලද ඇමුණුම්:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்புக்கள் :

   Annexes tabled:

 

පිළිතුරු දුන් දිනය

2012-11-16

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks