Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
2951/’12
Hon. Ajith Kumara,— To ask the Minister of Economic Development,—
(a) Will he state—
(i) the date on which Samurdhi Social Security Fund was established;
(ii) separately, the membership of that Fund and the money received by the Fund from the date of establishment up to now, as per the quarters of issuing Samurdhi assistance; and
(iii) the balance in that Fund as at 30th June 2012 ?
(b) Will he inform this House of —
(i) the purposes for which the money of that fund can be used;
(ii) the purposes for which its money has been used from its inception up to now;
(iii) the Acts and Regulations that construe the legal status of that Fund;
(iv) the time taken to make the payments relevant to a member’s claim for social security; and
(v) the reasons for delays in making payment for a member’s claim, if such delays take place ?
(c) Will he also state—
(i) whether any other investment has been made using the money of the Samurdhi Social Security Fund;
(ii) if so, the profit made through such investment from its inception up to now;
(iii) the parties among whom that profit would be divided; and
(iv) the amount that goes to each party separately ?
(d) If not, why ?
Asked Date
2012-11-16
Asked by
Hon. AJITH KUMARA, M.P.,, M.P.
Ministry
Economic Development
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
(மாண்புமிகு லக்ஷ்மன் யாப்பா அபேவர்தன)
(The Hon. Lakshman Yapa Abeywardena)
ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) 1997 ජනවාරි මස 01 දින.
(ii) ලැබුණු මුදල, සහනාධාර නිකුත් කළ කාර්තු අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම් අංක 02හි දක්වා ඇත.
ඔබතුමාට එය ගන්න පුළුවන්. විශාල ලේඛනයක් තිබෙනවා.
(iii) රුපියල් මිලියන හයදහස් හයසිය හැට හතයි දශම දෙකයි පහකි. (රු.මි.6,667.25) - ඇමුණුම් අංක 03හි විස්තර දක්වා ඇත.
(ආ) (i) උපත්, විවාහ, රෝග, මරණ හා සිප්දොර ශිෂ්‍යත්ව යන කරුණුවලට සහනාධාර සැපයීමට භාවිත කෙරේ. සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සමාජ ආරක්ෂණය සම්බන්ධ වැඩ සඳහා මෙම අරමුදල යෙදවිය හැක.
(ii) සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ උපත්, මරණ, විවාහ, සිප්දොර ශිෂ්‍යත්ව, රෝග සඳහා වියදම් දරා ඇති අතර, සමෘද්ධිලාභී කාන්තාවන්ගේ ස්වයං රැකියා වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
(iii) සමෘද්ධි අමත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ පදනම් කර ගෙන 1997.01.01 දිනැති සමෘද්ධි සමාජ සංවර්ධන අරමුදලේ අංක 80 දරන ඔප්පුව මඟිනි.
(iv) නියමිත කාලය තුළම ගෙවීම් සිදු කරනු ඇත.
ඒ කියන්නේ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරලා ඒ අයගේ ලියකියවිලි සම්පූර්ණ කළොත් දින තුනක් ඇතුළතදී ක්ෂණිකව ගෙවනු ලබයි.
(v) ගෙවීම් කිරීමට අවශ්‍ය නීතිමය ලියකියවිලි සම්පූර්ණ නොකළ අවස්ථාවකදීය.
(ඇ) (i) මෙම මුදල් ප්‍රතිලාභී ගෙවීම් සඳහා යොදා ගනු ලබන අතර, ඉතිරි වන මුදල් රාජ්‍ය බැංකුවල ආයෝජනය කර ඇත.
(ii) එම ආයෝජන සඳහා පොලී ලබා ගෙන ඇත. පොලිය මුල් මුදලට එකතු කර නැවත ආයෝජනය කර ඇත. ඇමුණුම් අංක 03හි ආයෝජනය කර ඇති ආකාරය විස්තර කර ඇත.
ඇමුණුම් 02 සහ 03 සභාගත* කරමි.
(iii) සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලට දායක වී ඇති සමෘද්ධි ලාභීන් පමණක්ම එම ලාභ බෙදී යන පාර්ශ්වයන් හැටියට සලකනු ලැබේ.
(iv) පැන නොනඟී.
(ඈ) අදාළ නොවේ.
*සභාමේසය මත තබන ලද ඇමුණුම්:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்புக்கள் :
Annexes tabled:
Answered Date
2012-11-16
Answered by
Hon. Lakshman Yapa Abeywardena, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks