01

E   |     |  

 දිනය: 2012-11-15   පිළිතුර ලබා දී ඇත 

2948/2012: කොළඹ ජාතික රෝහල : අතිරේක දැඩි සත්කාර ඒකකය

2948/’12

 

ගරු ඒ. විනායගමූර්ති මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      අද දක්වා කොළඹ ශ්‍රී ලංකා‍ ජාතික රෝහලෙහි හදවත් සැත්කම් කරගැනීම සඳහා පොරොත්තුව සිටින පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)     අතිරේක දැඩි සත්කාර ඒකකයක් සපයනු ලැබුවහොත් ඉහත රෝහලෙහි දිනකට සිදුකරන හදවත් සැත්කම් සංඛ්‍යාව වැඩි කළ හැකිද යන්නද එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) ඉහත කී රෝහලට අතිරේක දැඩි සත්කාර ඒකකයන් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට එතුමා කටයුතු කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-15

අසන ලද්දේ

ගරු ගරු ඒ. විනායගමූර්ති මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ලලිත් දිසානායක මහතා (සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு லலித் திசாநாயக்க - சுகாதார பிரதி அமைச்சர்)

(The Hon. Lalith Dissanayake - Deputy Minister of Health)

ගරු කථානායකතුමනි, සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

*Answer tabled:

 

ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෙතින් ලද වාර්තාවට අනුව,

 

(අ)        3,262යි. (තුන්දහස් දෙසිය හැට දෙකයි.)

(ආ) අතිරේක දැඩි සත්කාර ඒකකයක් සපයා දීම මඟින් පමණක් දිනකට සිදු කරන හදවත් සැත්කම් සංඛ්‍යාව වැඩි කළ නොහැක.

(ඇ) ඔව්. ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා නව හෘද රෝග ඒකකයක් අලුතින් ඉදිකිරීමට සැලසුම් කරමින් පවතින අතර ඒ සඳහා මේ වන විටත් සාකච්ඡා කරමින් පවතී. එහිදී යෝජිත හෘද රෝග ඒකක සංකීර්ණය සඳහා ඇඳන් 25කින් යුතු දැඩි සත්කාර ඒකකයක් යෝජනා කර ඇත.

(ඈ) පැන නොනඟී.

 

 

 

පිළිතුරු දුන් දිනය

2012-11-15

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම.,  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks