පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2946/’12
ගරු රවී කරුණානායක මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2010, 2011 හා 2012 යන වර්ෂවලදී,
(i) අයවැයෙන් උසස් අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රමාණය කොපමණද;
(ii) උසස් අධ්‍යාපනය සඳහා වැයවූ තථ්‍ය මුදල කොපමණද;
(iii) උක්ත මුදල් ප්‍රමාණයන් තථ්‍ය ලෙසින් වැයකරන ලද්දේ කිනම් වැය ශීර්ෂයන් යටතේද;
(iv) උසස් අධ්‍යාපනය සඳහා මාසිකව වැය කරන ලද මුදල් ප්‍රමාණය හා එම මුදල් පැවරූ ශීර්ෂයන් කවරේද;
(v) අයවැයෙන් උසස් අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද මුදල් පවරනු ලැබූ අයවැය ශීර්ෂයන් කවරේද;
යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-10-08
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) උසස් අධ්‍යාපනය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම
* යෞවන කටයුතු නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය
* ක්‍රීඩා අමාත්‍යාංශය
* රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය
* රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
* සෞඛ්‍ය අමාත්‍යාංශය
* සමාජ සේවා අමාත්‍යාංශය
* බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යාංශය
* විදේශ කටයුතු අමාත්‍යාංශය
* සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය
ආදී අමාත්‍යාංශ රාශියක් යටතේ හා පළාත් සභාවල අධ්‍යාපන විෂය භාර අමාත්‍යාංශ යටතේ මුදල් වෙන් කෙරේ. එහෙත් ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය අනුව මම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කරන ලද මුදල් පිළිබඳ පිළිතුරු දීමට බලාපොරොත්තු වෙමි.
ඒ අනුව අදාළ වර්ෂවලදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුදල පහත පරිදි වේ.
|
වර්ෂය |
වෙන් කරන ලද මුදල් ප්‍රමාණය (රුපියල් මිලියනවලින් ආසන්න වශයෙන්) |
|
2010 |
20,112 |
|
2011 |
23,188 |
|
2012 |
23,744 |
(ii) උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වැය වූ තථ්‍ය මුදල පහත පරිදි වේ.
|
වර්ෂය |
වෙන් කරන ලද මුදල් ප්‍රමාණය (රුපියල් මිලියනවලින් ආසන්න වශයෙන්) |
|
2010 |
18,099.0 |
|
2011 |
18,950.2 |
|
2012 |
20,886.3 |
(iii) වැය ශීර්ෂ 171 සහ 214 යටතේ වැය දරා ඇත.
(iv) ඇමුණුම 1 සහ ඇමුණුම 2 හි දක්වා ඇත.
ඇමුණුම් සභාගත කරමි.*
(v) වැය ශීර්ෂ 171 - උසස් අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය
වැය ශීර්ෂ 214 - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වැය ශීර්ෂය
(ආ) පැන නොනඟී.
*සභාමේසය මත තබන ලද ඇමුණුම්:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்புகள் :
Annexes tabled:
පිළිතුරු දුන් දිනය
2014-03-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks