පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2945/’12
ගරු රවී කරුණානායක මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2010, 2011 සහ 2012 වර්ෂ සඳහා,
(i) ආපදා කළමනාකරණය සඳහා අයවැයෙන් වෙන්කළ මුදල් ප්‍රමාණය කොපමණද;
(ii) ආපදා කළමනාකරණය වෙනුවෙන් වැය කළ තථ්‍ය මුදල් ප්‍රමාණය කොපමණද;
(iii) ඉහත කී මුදල් සැබෑ ලෙස වැය කළේ කවර වැය ශීර්ෂයන් යටතේද;
(iv) ආපදා කළමනාකරණය වෙනුවෙන් මාසිකව වැය කළ මුදල් ප්‍රමාණය සහ එකී මුදල් පවරනු ලැබූ වැය ශීර්ෂයන් කවරේද;
(v) ආපදා කළමනාකරණය සඳහා අයවැයෙන් වෙන්කළ මුදල් පවරනු ලැබූ වැය ශීර්ෂයන් කවරේද;
යන්න එතුමා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-09-06
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආපදා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු මහින්ද අමරවීර මහතා ( ආපදා කළමනාකරණ අමාත්‍යතුමා)
(மாண்புமிகு மஹிந்த அமரவீர - அனர்த்த முகாமைத்துவ அமைச்சர்)
(The Hon. Mahinda Amaraweera - Minister of Disaster Management)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) 2010 - රුපියල් 1,179,387,000.00
2011 - රුපියල් 1,995,272,478.00
2012 - රුපියල් 984,600,000.00
(ii) 2010 - රුපියල් 982,876,044.51
2011 - රුපියල් 1,691,462,667.96
2012 - රුපියල් 794,242,448.70
(iii) වැය ශීර්ෂ 106.
(iv) ඇමුණුම 01 - ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා ජාතික ආපදා සහන සහන සේවා මධ්‍යස්ථානය.
ඇමුණුම 02 - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය.
ඇමුණුම 03 - ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය.
ඇමුණුම් සභාගත* කරමි.
(v) අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-10-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks