පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2929/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2012 වර්ෂයේදී උක් පර්යේෂණ ආයතනයේ දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා අමාත්‍යංශ ලේකම්වරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ කවරේද;
(ii) එහි නිර්දේශ මේ වනවිට ක්‍රියාත්මක කර තිබේද;
(iii) ඉහත සඳහන් ත්‍රිපුද්ගල කමිටුව සඳහා දරන ලද වියදම කොපමණද;
(iv) එම ගෙවිම් සඳහා උක් පර්යේෂණ ආයතනයේ පාලක මණ්ඩලයේ අනුමතිය ලබාදී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-08
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සීනි කර්මාන්ත සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
(மாண்புமிகு லக்ஷ்மன் செனெவிரத்ன)
(The Hon. Lakshman Senewiratne)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) ඔව්.
(ආ) (i) නිර්දේශ පහත සඳහන් පරිදි වේ.
රත්මලාන උපකාර්යාලය සෙස් බදු එකතු කිරීමේ කාර්යාලයක් ලෙස පමණක් පවත්වාගෙන යෑම.
(ii) ඔව්.
(iii) රුපියල් 80,000.00 (රුපියල් අසූදහසක් පමණි)
(iv) ඔව්.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks