04

සි   |     |  

 Date: 2013-08-08   Answered 

2929/2013: SUGARCANE RESEARCH INSTITUTE: CORRUPTION AND IRREGULARITIES

2929/’12

Hon. Buddhika Pathirana,— To ask the Minister of Sugar Industry Development,—

(a) Is he aware that a three member committee was appointed in the year 2012 by the Secretary of the Ministry to probe corruption and irregularities of the Sugarcane Research Institute?

(b) Will he inform this House—

(i) of the recommendations of the said three member committee ;

(ii) whether the said recommendations have been implemented as of now ;

(iii) of the cost incurred on the said three member committee ; and

(iv) whether the approval of the governing council of the Sugarcane Research Institute has been received for such payments?

(c) If not, why ?

 

Asked Date

2013-08-08

Asked by

Hon. Buddhika Pathirana, M.P.

Ministry

Sugar Industry Development

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා

(மாண்புமிகு லக்ஷ்மன் செனெவிரத்ன)

(The Hon. Lakshman  Senewiratne)

ගරු නි‍යෝජ්‍ය කථානායකතුමනි,  එතුමාගේ ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

 

(අ)       ඔව්.

 

(ආ)         (i)      නිර්දේශ පහත සඳහන් පරිදි වේ.

                        රත්මලාන උපකාර්යාලය සෙස් බදු එකතු කිරීමේ කාර්යාලයක් ලෙස පමණක් පවත්වාගෙන යෑම.

  • ආයතනයේ විවිධ තනතුරු දරන දෙවන පෙළ හා තෙවන පෙළ නිලධාරින්ගේ රාජකාරි බලතල සීමා කොට ඇති බවට දැක්වෙන චෝදනා නිවැරැදි ‍කරන ලෙසට ත්‍රිපුද්ගල කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ අනුව අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් හා කළමනාකාර තනතුරු දරන නිලධාරින් හට තම රාජකාරි ඉටු කිරීමේදී මුදල් පනත, භාණ්ඩාගාර චක්‍රලේඛ හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, අමාත්‍යාංශ නියෝග, අධ්‍යක්ෂ මණ්ඩල තීරණ අනුව කටයුතු කළ යුතු අවස්ථාවන්හිදී එම ප්‍රතිපාදනයන් තුළ සැකයකින් හෝ බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම.
  • ආයතනයේ නිලධාරින් හා සේවක ධාරිතා හැකියා වර්ධන වැඩසටහන් වැඩිදියුණු කිරීම.
  • පසු ගිය කාලයේ පැවති කළමනාකාරිත්වයේ ප්‍රසම්පාදන දුර්වලතා සහ වාහන මිලදී ගැනීමේදී සිදු වී ඇති අක්‍රමිකතා හා භාණ්ඩාගාර චක්‍රලේඛ සහ මුදල් පනතේ විධිවිධාන නොසලකා හැරීම පිළිබඳ ඒ ඒ චෝදනාවලට අදාළ වගකීම් දරන නිලධාරින්ගෙන් හේතු විමසීම් ලිපි නිකුත් කිරීම, ඒ අනුව අදාළ නිලධාරින්ට විරුද්ධව විනයානුකූල ‍කටයුතු කිරීම‍ හෝ දඬුවම් නියම කිරීම.
  • ආයතනයේ අධ්‍යක්ෂවරයාට විරුද්ධව ඇති චෝදනා වෙනුවෙන් අමාත්‍යාංශයේ ලේකම්තුමා මඟින් අධ්‍යක්ෂවරයා පත් කිරීමේ බලධාරියා වන ගරු අමාත්‍යතුමා වෙත යොමු කර එතුමා‍ගේ නිර්දේශ අනුව කටයුතු කිරීම.
  • මිරූට් උදුන සහ තාප ප්‍රතිකාරකය ආයතනයේ ඵලදායීතාව සඳහා යොදවා ගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග ගැනීම.
  • උක් පර්යේෂණ ආයතන භූමිය තුළ වගා කරනු ලබන උක් දඬු යොදා මිරූට් උදුන භාවිතයෙන් හකුරු හා පැණි නිෂ්පාදනය  ආයතනික හා පෞද්ගලික පොදු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑම.
  • ආයතනික ප්‍රගති සමාලෝචන සහ පසු විපරම් කටයුතු විධිමත්ව සිදු කිරීම සඳහා සියලු අංශ දැනුවත් කිරීම.
  • ආයතනයේ කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා සම්මත බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීම.
  • පර්යේෂණ අංශයේ සහ මූල්‍ය හා පරිපාලන අංශයේ නිලධාරින් හට පරිපාලන අය වැය පිළිබඳ පුහුණුවක් ලබා දීමට හා භාණ්ඩාගාර චක්‍රලේඛ, මුදල් පනත පිළිබඳ දැනුවත් කිරීම් රේඛීය අමාත්‍යාංශයේ සහාය ඇතිව කටයුතු කිරීම.
  • විවිධ මූල්‍ය  සහ පරිපාලන අක්‍රමිකතා සම්මත විනය ක්‍රියා පටිපාටියට අනුව විමර්ශනයක් පවත්වා විනය ක්‍රියාමාර්ග ගත යුතු හෙයින් අමාත්‍යාංශ ලේකම්තුමාගේද උපදෙස් පරිදි සුදුසු විමර්ශන නිලධාරියකු පත් කිරීම.
  • ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක තනතුරු සඳහා ආයතනයේ පැවැත්ම සහ අනාගත අභිවෘද්ධිය පිළිබඳ දැනුමක් ඇති නිලධාරියකු ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක ලෙස පත් කිරීමට කටයුතු කිරීම.

(ii) ඔව්.

(iii) රුපියල් 80,000.00 (රුපියල් අසූදහසක් පමණි)

(iv) ඔව්.

(ඇ) අදාළ නොවේ.

Answered Date

2013-08-08

Answered by

Hon. Lakshman Senewiratne, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks