04

E   |     |  

 දිනය: 2012-11-23   පිළිතුර ලබා දී ඇත 

2917/2012: අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කාර්ය පටිපාටික නීතිය : පැනවීම

2917/’12

ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       අධිකරණයට අපහාස කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන කාර්ය පටිපාටික නීතියක් නොපවතින බවත්;

             (ii)       ශ්‍රී ලංකාව තුළ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කාර්ය පටිපාටික නීතියක් පැනවීම සිදුකළයුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් “ටොනි ෆනැන්ඩු” නඩුවේදී නිර්දේශකර ඇති බවත්;

(iii) අධිකරණයට අපහාසකිරීම පිළිබඳ කාර්ය පටිපාටික නීති කෙටුම්පතක්           ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අනුමත කොට, අධිකරණ අමාත්‍යාංශය වෙත ලබාදී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාව තුළ අධිකරණයට අපහාස කිරීමට අදාළව කාර්ය පටිපාටික නීතියක් ඉක්මනින් පැනවිය යුතු බව පිළිගන්නේද;

(ii) එසේ නම්, ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑ‍සේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-23

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු රවුෆ් හකීම් මහතා (අධිකරණ අමාත්‍යතුමා)

(மாண்புமிகு றவுப் ஹகீம் - நீதி அமைச்சர்)

(The Hon. Rauff Hakeem - Minister of Justice)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේය.

(අ)          (i)       ශ්‍රී ලංකාව තුළ දැනට අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කාර්ය පටිපාටික නීතියක් පවතී. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 65 (LXV) පරිච්ඡේදයේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ ලඝු කාර්ය පටිපාටිය පිළිබඳ විධිවිධාන යොදවා ඇත.

(ii) ඔව්.

(iii) ඔව්.

(ආ)  (i)  ඔව්. දැනට මේ සම්බන්ධයෙන් පවතින සිවිල් නඩුවිධාන සංග්‍රහයේ විධිවිධාන ඇතත්, සෑම අධිකරණයකටම අදාළ කර ගත හැකි වන පරිපූර්ණ නීතියක් සැකසීම වඩාත් සුදුසු යයි හැ‍ඟේ.

(ii) මේ සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව විසින් කෙටුම්පත් දෙකක් සකස් කර අධිකරණ අමාත්‍යාංශයේ අවධානය පිණිස යොමු කර ඇත. එම පනත් දෙක අධ්‍යයනය කිරීමෙන් සහ අදාළ විවිධ ක්ෂේත්‍රයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කෙටුම්පත් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

(ඇ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks