පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2911/’12
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ඩෙංගු මර්දනය සඳහා පසුගිය වර්ෂයේදී කියුබාවෙන් ආනයනය කළ බී.ටී.අයි. බැක්ටීරියා විශාල ප්‍රමාණයක් මේ වන විටත් භාවිතයට ගෙන නොමැති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) කියුබාවෙන් ආනයනය කළ බී.ටී.අයි. බැක්ටීරියාවලින් මේ වන විට භාවිතයට නොගෙන ඉතිරිව ඇති ප්‍රමාණය කොපමණද;
(ii) ඩෙංගු රෝගය වසංගත තත්ත්වයට පත්වන තෙක් මදුරුවන් මර්දනය සඳහා එම බැක්ටීරියාව ප්‍රයෝජනයට නොගැනීමට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-08
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා (සෞඛ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு மைத்திரிபால சிறிசேன - சுகாதார அமைச்சர்)
(The Hon. Maithripala Sirisena - Minister of Health)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේය.
ජාතික ඩෙංගු මර්දන ඒකකය මඟින් එවන ලද වාර්තාවට අනුව,
(අ) ඩෙංගු මර්දනය සඳහා පසු ගිය වර්ෂයේ (2012) දී කියුබාවෙන් බීටීඅයි බැක්ටීරියා ආනයනය කර නොමැත. 2010.09.15 දින කියුබාවෙන් බීටීඅයි බැක්ටීරියා කීටනාශක ලීටර් 10,000ක ප්‍රමාණයක් මිල දී ගන්නා ලදී.
(ආ) (i) සියලු කියුබානු බැක්ටීරියා කීට නාශක ප්‍රාදේශීය කාර්යාල සඳහා නිකුත් කර ඇති අතර, මේ වන විට ඒවා සියල්ල භාවිත කර අවසන් වී ඇත.
(ii) දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමින් එම බැක්ටීරියාව මදුරු මර්දනය සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks