පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2899/’12
ගරු රවී කරුණානායක මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ පිහිටි මාළු ටින් කිරීමේ කම්හල් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා ආරම්භ කළ දිනයන් කවරේද;
(iii) මෙම කම්හල් ආරම්භ කිරීමට වසර 5කට පෙර මෙරටට ආනයනය කරන ලද ටින් මාළු ප්‍රමාණය කොපමණද;
(iv) මාළු ටින් කිරීමේ කම්හල් ආරම්භ කළ දින සිට මේ දක්වා ආනයනය කළ ටින් මාළු ප්‍රමාණයන් එක් එක් වර්ෂය සඳහා වෙන් වශයෙන් කොපමණද;
(v) ඉහත කී ආනයනයන්හි වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් කොපමණද;
(vi) දේශීය වශයෙන් ටින් මාළු කම්හල් ආරම්භ කිරීම හේතුවෙන් ඉතිරි වූ විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;
(vii) එලෙස මුදල් ඉතිරි වන ආකාරය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-02-22
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා (ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා)
(மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்ன - கடற்றொழில், நீரக வளமூலங்கள் அபிவிருத்தி அமைச்சர்)
(The Hon. (Dr.) Rajitha Senaratne - Minister of Fisheries and Aquatic Resources Development)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) හතරකි - (04)
|
ආයතනය |
වර්ගය |
ආරම්භ කළ කාලය |
|
හැපි කුක් සී ෆුඩ්ස් |
සී - ෆිෂ් |
2012 අප්‍රේල් |
|
සදර්න් ලංකා කැනරයිස් (ප්‍රයිවට්) ලිමිටඩ් |
චමී මැකරල් |
2012 අප්‍රේල් |
|
එන්.එච්. ෆිෂරිස් (ප්‍රයිවට්) ලිමිටඩ් |
සී - කුයීන් |
2012 ජූලි |
|
ට්‍රොපික් ෆෝසන් සී ෆුඩ්ස් |
ටෙස් |
2012 අගෝස්තු |
|
වර්ෂය |
ආනයනය කළ ප්‍රමාණය (මෙ.ටො.) |
|
2007 |
23,105 |
|
2008 |
18,198 |
|
2009 |
13,546 |
|
2010 |
16,705 |
|
2011 |
17,777 |
|
එකතුව |
89,331 |
(iv) මෙට්‍රික් ටොන් - 13,711
(v) රුපියල් මිලියන - 3,897
(vi) රුපියල් මිලියන - 420
(vii) දේශීය නිෂ්පාදනය ඉහළ නැඟීම තුළින් ආනයනය සීමා කිරීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-02-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks