පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2868/’12
ගරු එම්. ටී. හසන් අලි මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) අම්පාර දිස්ත්‍රික්කයේ, ඔලුවිල් වරාය සංවර්ධන කටයුතු සඳහා සායින්දමරුදු 7, ඔස්මන් පාරේ, අංක 295 බී දරන ස්ථානයේ පදිංචි, එම්. අයි. එම්. අන්සාර් මහතාට අයත් පර්චස් 39.38ක ඉඩමක් අංක 1552/12 හා 2008.06.04 දිනැති රජයේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පවරාගනු ලැබුවත්, ඒ සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීම මෙතෙක් සිදුවී නොමැති බව එතුමා දන්නෙහිද?
(ආ) රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින්, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කරන ලද අංක AM/LA/293, 294, 300, 306 හා 2011.12.30 දිනැති ලිපියට අනුව, අන්සාර් මහතාගේ එම ඉඩම වෙනුවෙන් හිමිවිය යුතු වන්දි මුදල නොපමාව ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-10
අසන ලද්දේ
ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා (ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා)
(மாண்புமிகு ஜனக பண்டார தென்னகோன் - காணி, காணி அபிவிருத்தி அமைச்சர்)
(The Hon. Janaka Bandara Tennakoon - Minister of Lands and Land Development)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) ඔව්.
(ආ) ඔලුවිල් වරාය වෙනුවෙන් අත්කරගත් ඉඩම් කැබලි අතර එම්.වයි.එම්. අන්සාර් මහතාට අයත් පර්චස් 39.38ක ඉඩමක්ද තිබේ. යම් ඉඩමක් අත්කර ගන්නේ ව්‍යවස්ථාපිත ආයතනයක් සඳහා නම් එම ඉඩමේ හිමිකරුවන් වෙත ගෙවිය යුතු වන්දි හා පොලී මුදල් ගෙවිය යුතු වන්නේ එකී ව්‍යවස්ථාපිත ආයතනයෙන් වන අතර ඒ අනුව මෙම ඉඩම් සඳහා වන්දි ගෙවිය යුතු වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසිනි. එම්.වයි.එම්. අන්සාර් මහතාගේ ඉඩමද ඇතුළත්ව අත්කර ගත් හෙක්ටයාර 5.3528ක බිම් ප්‍රමාණයක් සඳහා මෙතෙක් වන්දි ගෙවා නොමැත. මෙම ඉඩම් සඳහා වන්දි ගෙවීම කඩිනම් කිරීමට අමාත්‍යාංශ ලේකම් විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරින් හා ප්‍රධාන තක්සේරුකරුද කැඳවා රැස්වීම් කිහිපයක් පවත්වන ලද නමුත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව අධිතක්සේරුවක් ලෙස ප්‍රකාශ කරමින් මෙතෙක් වන්දි මුදල් ගෙවා නොමැත.
මෙම ගැටලුව සමථයකට පත් වන තෙක් කිසියම් අතුරු දීමනාවක් ලෙස අදාළ ඉඩම් හිමියන්ට වන්දි මුදලින් යම් ප්‍රතිශතයක් ගෙවීමට කඩිනමින් පියවර ගන්නා ලෙස 2012.03.02 දින දැනුම් දී ඇතත් එයද ඉටු වී නැත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-11-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks