පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු දිනේෂ් හේමන්ත මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2025 වර්ෂයේදී සුනඛයන් සපා කෑම හේතුවෙන් ජලභීතිකා රෝගය වැළඳී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම වර්ෂයේදී ජලභීතිකා රෝගීන් සඳහා ප්‍රතිකාර සහ එන්නත්කරණ කටයුතු වෙනුවෙන් වැය කර ඇති මුදල කොපමණද;
(iii) සුනඛයින් වන්ධ්‍යාකරණය කිරීම සඳහා එම වර්ෂයේදී වෙන් කළ මුළු මුදල කොපමණද;
(iv) එම මුදල් භාවිතා කොට වන්ධ්‍යාකරණයට ලක්කළ වීදි සුනඛයින් සංඛ්‍යාව කොපමණද;
(v) සුනඛයින් වන්ධ්‍යාකරණ වැඩසටහන සඳහා 2026 වර්ෂය වෙනුවෙන් අමාත්‍යාංශයට වෙන් කර ඇති මුළු මුදල කොපමණද;
(vi) එම මුදල් භාවිතා කර 2026 වර්ෂයේ මේ වනවිට වන්ධ්‍යාකරණයට ලක් කළ වීදි සුනඛයින් සංඛ්‍යාව කොපමණද;
(vii) අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන සුනඛයින් වන්ධ්‍යාකරණය කිරීමේ වැඩසටහනේ ස්වභාවය පිළිබඳව කෙටි විස්තරයක් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-19
අසන ලද්දේ
ගරු දිනේෂ් හේමන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks