බලන්න

E   |   த   |  

 දිනය: 2026-08-18   පිළිතුර ලබා දී ඇත 

2108/2026: LRC ඉඩම්වල ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘති: රත්නපුර දිස්ත්‍රික්කය

ගරු සුනිල් රාජපක්‍ෂ මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  (1)

(අ)        (i)       රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට සහ වැවිලි සමාගම්වලට අයත්ව තිබූ ඉඩම් අත්පත් කරගෙන ක්‍රියාත්මක කර ඇති නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

(ii) එම නිවාස ව්‍යාපෘතිවලට අයත් නිවාස සංඛ්‍යාව ව්‍යාපෘතිය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එක් එක් ව්‍යාපෘතිය යටතේ නිවාස සහ භූමිය සඳහා ඔප්පු නිකුත් කර ඇති සහ නිකුත් කර නොමැති ප්‍රතිලාභීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) මෙතෙක් ඔප්පු ලබා නොදුන් ප්‍රතිලාභීන්ට ඔප්පු ලබාදීමට කටයුතු කරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-08-18

අසන ලද්දේ

ගරු සුනිල් රාජපක්‍ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්ව අත්පත් කරගෙන ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 26කි.

                        වැවිලි සමාගමට අයත් ඉඩම් කිසිවක් නොමැත.

              (ii)      රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්ව තිබූ ඉඩම් අත්පත් කරගෙන නිවාස ව්‍යාපෘති 26ක් ක්‍රියාත්මක වී ඇති අතර, ඒ සඳහා අයත් සම්පූර්ණ නිවාස සංඛ්‍යාව 916කි.

මෙම ව්‍යාපෘතිවලට අදාළ නිවාස සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කර ඇත.

ඇමුණුම 01

අනු අංකය

නිවාස ව්‍යාපෘතියේ නම

නිවාස සංඛ්‍යාව

1

ගිරිපාගම ආදර්ශ ගම්මානය

53

2

කිරණෝදාගම ආදර්ශ ගම්මානය

102

3

පලන්සූරියගම ආදර්ශ ගම්මානය

32

4

සුසිරිගම ආදර්ශ ගම්මානය

30

5

කලවාන මැති 30 (ගලතුර මැති 30)

29

6

කලවාන මැති 20 (නාගහහේන)

20

7

කලවාන මැති 10 (රජ්ජුරුවත්ත)

10

8

දිවුරුම්පිටිය අත්කම්

25

9

පුන්සිරිගම ආදර්ශ ගම්මානය

31

10

පැරඩයිස් අත්කම්

50

11

මාටුවාගල මැති 20

20

12

රක්වාන මැති 30

28

13

රක්වාන මැති 10

10

14

රක්වාන මැති 20

20

15

උක්වත්ත අත්කම්

39

16

වීදාගම ආදර්ශ ගම්මානය

50

17

බලංගොඩ මැති 20

20

18

බලංගොඩ මැති 05 (අළුත්නුවර)

5

19

කෝපිවත්ත

33

20

සඳුන්තැන්නගම

30

21

නැණසිහගම

25

22

සිරිපාගම ආදර්ශ ගම්මානය

54

23

සඳසිළුගම

100

24

සමනලගම ආදර්ශ ගම්මානය

50

25

පැල්මඩුල්ල මැති 30 (රීල්හේන)

30

26

පැල්මඩුල්ල මැති 20

20

එකතුව

916

(iii) ඉහත සඳහන් කරන ලද නිවාස ව්‍යාපෘති 26හි ඔප්පු නිකුත් කර ඇති ප්‍රතිලාභීන් සංඛ්‍යාව 796ක් වන අතර, ඔප්පු නිකුත් කර නැති ප්‍රතිලාභීන් සංඛ්‍යාව 120කි.

මෙම එක් එක් ව්‍යාපෘතියෙහි නම් සහ ප්‍රතිලාභීන් වෙත නිකුත් කර ඇති ඔප්පු සංඛ්‍යාව පිළිබඳ වෙන් වෙන් වශයෙන් විස්තර ඇමුණුම 02 මඟින් ඉදිරිපත් කර ඇත.

ඇමුණුම 02

අනු අංකය

නිවාස ව්‍යාපෘතියේ නම

ඔප්පු නිකුත් කර ඇති ප්‍රතිලාභීන් සංඛ්‍යාව

ඔප්පු නිකුත් කර නැති ප්‍රතිලාභීන් සංඛ්‍යාව

1

ගිරිපාගම ආදර්ශ ගම්මානය

37

16

2

කිරණෝදාගම ආදර්ශ ගම්මානය

82

20

3

පලන්සූරියගම ආදර්ශ ගම්මානය

29

3

4

සුසිරිගම ආදර්ශ ගම්මානය

27

3

5

කලවාන මැති 30 (ගලතුර මැති 30)

28

1

6

කලවාන මැති 20 (නාගහහේන)

19

1

7

කලවාන මැති 10 (රජ්ජුරුවත්ත)

9

1

8

දිවුරුම්පිටිය අත්කම්

24

1

9

පුන්සිරිගම ආදර්ශ ගම්මානය

26

5

10

පැරඩයිස් අත්කම්

48

2

11

මාටුවාගල මැති 20

18

2

12

රක්වාන මැති 30

21

7

13

රක්වාන මැති 10

9

1

14

රක්වාන මැති 20

19

1

15

උක්වත්ත අත්කම්

29

10

16

වීදාගම ආදර්ශ ගම්මානය

48

2

17

බලංගොඩ මැති 20

18

2

18

බලංගොඩ මැති 05 (අළුත්නුවර)

4

1

19

කෝපිවත්ත

30

3

20

සඳුන්තැන්නගම

25

5

21

නැණසිහගම

20

5

22

සිරිපාගම ආදර්ශ ගම්මානය

47

7

23

සඳසිළුගම

86

14

24

සමනලගම ආදර්ශ ගම්මානය

49

1

25

පැල්මඩුල්ල මැති 30 (රීල්හේන)

28

2

26

පැල්මඩුල්ල මැති 20

16

4

එකතුව

796

120

(iv) නිවාසලාභීන් 115දෙනෙකු මේ වන විට මුදල් ගෙවා අවසන් කර ඇති අතර, ඔප්පු ලබා දීමට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර සින්නක්කර ඔප්පු ලබා ගන්නා ලෙස ඔවුන්ට දන්වා ඇත. මුල් නිවාසලාභියා මිය ගොස් අයිතිය තහවුරු කර ගැනීමේ ගැටලුව, පදිංචිය නොමැති වීම, පදිංචිකරුවන්ට පසු උරුමකරුවන්ගේ කැමැත්ත නොලැබීම, පසු උරුමකරුවන් සොයා ගැනීම ආදි ගැටලු පැවතීම හා පදිංචිකරුවන් දැනුවත් කළත් ඔප්පු ලබා ගැනීමේ උනන්දුවක් නොමැති වීම වැනි ගැටලු ඔප්පු ලබා දීම ප්‍රමාද වීමට හේතු වී ඇත. අදාළ තොරතුරු ලබා දීමෙන් අනතුරුව 8(1) අනුමැතිය ලබාගෙන මාස 2ක් වැනි කාලයක් තුළ ප්‍රතිලාභීන් වෙත ඔප්පු නිකුත් කිරීමේ හැකියාව ඇත.

මේ වන විට ප්‍රතිලාභීන් 13දෙනෙකුගේ ඔප්පු 8(1) අනුමැතිය සඳහා යොමු කර ඇති අතර, තවදුරටත් මුදල් ගෙවා නොමැති ප්‍රතිලාභීන් 5දෙනෙකු වෙත මුදල් ගෙවන ලෙස දන්වා ඇත.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2026-08-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks