E   |     |  

 දිනය: 2026-08-04   පිළිතුර ලබා දී ඇත 

2054/2026: මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ව්‍යාප්ත කිරීම: මොනරාගල දිස්ත්‍රික්කය

ගරු නීතිඥ සරත් කුමාර මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මොනරාගල දිස්ත්‍රික්කයේ, වාර්ෂික මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය කොපමණද;

            (ii)       එම නිෂ්පාදනය සඳහා දායක වන වැව් සහ ජලාශ කවරේද;

           (iii)       එම දිස්ත්‍රික්කයේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය සඳහා අභිජනන මධ්‍යස්ථාන ආරම්භ කර තිබේද;

(iv) එසේ නම්, එම මධ්‍යස්ථාන කවරේද;

(v) මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අළුගල්ගේ ග්‍රාම නිලධාරි වසමේ ඉදිකරමින් පවතින ‘මුතුකණ්ඩිය මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ’ ඇස්තමේන්තුගත වියදම කොපමණද;

(vi) එය ඉදිකිරීමෙන් පසු මොනරාගල දිස්ත්‍රික්කය තුළ මිරිදිය මත්ස්‍ය ව්‍යාප්තිය සඳහා පවතින අභිජනන මධ්‍යස්ථාන සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉඟිණියාගල පිහිටි සේනානායක සමුද්‍රයේ පවතින ධීවර තොටුපොළ සංඛ්‍යාව කොපමණද;

(ii) එම ජලාශයේ බදුලුවෙල ප්‍රදේශය ආශ්‍රිතව ධීවර තොටුපොළක් ආරම්භ කිරීම සඳහා අයදුම්පත් ලැබී තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-08-04

අසන ලද්දේ

ගරු නීතිඥ සරත් කුමාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර, ජලජ සහ සාගර සම්පත්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මොනරාගල දිස්ත්‍රික්කයේ 2025 වර්ෂයේ මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 2,800ක් වේ.

              (ii)      ජලාශ නාමලේඛනය පහත පරිදි වේ.

                     1. Mau Ara

                          2. Veheragala

                          3. Ethimale

                          4. Hadapangala Wewa

                          5. Hambegamuwa

                          6. Kiriibban

7. Muthukandiya

8. Urusita Wewa

9. Alapathaya Wewa

10. Alugalage Wewa

11. Aluth Heekaduara Wewa

12. Ambakola Wewa

13. Balaharuwa Wewa

14. Bogas Wewa

15. Buduruwagala Wewa

16. Cocoyaya Wewa

17. Dambe Ara Wewa

18. Debara Ara Wewa

19. Demaliya Wewa

20. Demodara Wewa

21. Dingimada Wewa

22. Diulana Wewa

23. Divulagahakanattha Wewa

24. Dosar Wewa

25. Galpoththa Wewa

26. Gestupana Wewa

27. Gurumada Wewa

28. Habaralu Wewa

29. Heekadu Ara Wewa

30. Hevan Arawa Wewa

31. HKT Wewa

32. Indurugas Wewa

33. Iththakatuwa Wewa

34. Japergi Maha Ara Wewa

35. Japergi Weli Ara Wewa

36. Kahakurullan Pelassa Wewa

37. Kandiyapita Wewa

38. Karamatiya Wewa

39. Karapinchalanda Wewa

40. Katugahagalge Wewa

41. Katupila Wewa

42. Kindiliya Wewa

43. Kiule Ara Wewa

44. Kotiyagala Wewa

45. Kudanetola Wewa

46. Kukulkatuwa Wewa

47. Kukurampola Wewa

48. Laginagala Wewa

49. Lunugala Yoda Wewa

50. Maha Wewa

51. Mahadahaiyagala Wewa

52. Mahakadawara Wewa

53. Mahakaramatiya Wewa

54. Mahanetola Wewa

55. Mahapalessa Wewa

56. Malewanayaya Wewa

57. Malimpotha Wewa

58. Meegahaarawa Wewa

59. Meepana Ara Wewa

60. Milegama Wewa

61. Karawele Wewa

62. Nagala Wewa

63. Namadapelessa Wewa

64. Nelum Wewa

65. Neraluwa Wewa

66. Pahalabingalara Wewa

67. Paralu Wewa

68. Pokunutenna Wewa

69. Pothupitiya Wewa

70. Ranawaranawa Wewa

71. Saddatissa Wewa

72. Siyabalgas Wewa

73. Sugaladevi Wewa

74. Thabalavinna Ara Wewa

75. Thammannawa Wewa

76. Thenagallanda Wewa

77. Thiyabara Yaya

78. Thorathupitiya Wewa

79. Uyankubura Wewa

80. Weeraketiya Minindoru Kolaniya

81. Weli Ara Wewa

82. Yudaganawa Wewa

83. Alikota Ara Wewa

84. Kohombadigana Wewa

85. Meeyanketuara Wewa

86. Aluth Wewa

87. Andiriyas Wewa

88. Athula Wewa

89. Bambaragala Wewa

90. Bathala Ara Wewa

91. Galwale Wewa

92. Palugas Wewa

93. Weeraketiya Wewa

94. Gemunu Wewa

95. Idipadura Wewa

96. Indipelessa Wewa

97. Galwale Wewa

98. Hinguru Ara Wewa

99. Sumedha Wewa

100. Walas Kema Wewa

101. Dehigahalanda Wewa

102. Pubudu Wewa

103. Rahathangama Wewa

104. Jambugasara Wewa

105. Senasuma Wewa

106. Maliththanpelessa

107. Jayasingghekatuwa Wewa

108. Thalakola Wewa

109. Welangasara Wewa

110. Katupotha Wewa

111. Pelwatta Estate Tank

 

(iii) මත්ස්‍ය බීජ නිෂ්පාදන ඒකකයක් ආරම්භ කර ඇත.

(iv) මුතුකණ්ඩිය මත්ස්‍ය බීජ නිෂ්පාදන ඒකකය

(v) මුතුකණ්ඩිය මත්ස්‍ය බීජ නිෂ්පාදන ඒකකය ඉදි කර දෙනු ලබන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 122ක් වේ.

(vi) ප්‍රමාණවත් නැත.

(ආ) (i) එක් තොටුපළක් පමණි.

(ii) තොටුපළක් ආරම්භ කිරීම සඳහා අයදුම්පත් ලැබී නැත. ධීවර සංවිධානයක් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පතක් ලැබී ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-08-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රත්න ගම‍ගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks