01

E   |     |  

 දිනය: 2012-11-24   පිළිතුර ලබා දී ඇත 

2832/2012: ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය : බලාත්මක කිරීම

2832/’12

 

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— සමාජ සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් ආබාධිත පුද්ගලයන් සංඛ්‍යාවේ ප්‍රතිශතය කවරේදැයි එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)        (i)       2007 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තබා තිබේද;

(ii) ශ්‍රී ලංකා රජය විසින් එම සම්මුතිය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් වලංගු කර ති‍බේද;

(iii) නොඑසේ නම්, එම සම්මුතිය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් වලංගු නොකිරීමට හේතු කවරේද;

(iv) 2006 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද “ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත” පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට හේතු කවරේද;

(v) එම සම්මුතිය බලාත්මක කිරීම සඳහා දේශීය වශයෙන් ක්‍රියාත්මක කර ඇති නීතිය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-24

අසන ලද්දේ

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු  ෆීලික්ස් පෙරේරා මහතා (සමාජ සේවා අමාත්‍යතුමා)

(மாண்புமிகு பீலிக்ஸ் பெரேரா - சமூக சேவைகள் அமைச்சர்)

(The Hon. Felix Perera - Minister of Social Services)

(අ)       2001 ජන හා නිවාස සංගණනය අනුව ආබාධ සහිත ආබාධිත පුද්ගල සංඛ්‍යාවේ ප්‍රතිශතය 1.62කි.

           (දිස්ත්‍රික් 18ක් ඇසුරෙන් මේ සංගණනය කළ අතර, ඒ අනුව ආබාධිත පුද්ගල සංඛ්‍යාව 274,711කි.)

(ආ)         (i)      ඔව්.

              (ii)      සම්මුතිය බලාත්මක කිරීම සඳහා 1996 අංක 28 දරන පනත වෙනුවට ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත කෙටුම්පත් කර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර අදාළ සංශෝධන සිදු කර ඇති අතර, නීතිපතිගේ අනුමතිය ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත.

             (iii) අදාළ නොවේ.

             (iv) පනත් කෙටුම්පත නීතිපතිගේ අනුමතිය සඳහා යොමු කර ඇති බැවින්, අනුමතිය ලැබුණු පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.

              (v)  පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පසු  එය දේශීය වශයෙන් ක්‍රියාත්මක නීතියක් වේ.

(ඇ)     අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2012-11-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ෆීලික්ස් පෙරේරා මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks