පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2817/’12
ගරු රවී කරුණානායක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රුපියල් මිලියන 350ක වටිනාකමකින් යුත් බඩ ඉරිඟු තොගයක් ශ්‍රී ලංකාවෙන් අපනයනය කළ බව 2012 මැයි මස 23 වැනි දින ප්‍රකාශ කළේද;
(ii) 2012 මැයි මස සිට බඩ ඉරිඟු අපනයනය පිළිබඳ සංඛ්‍යා දත්ත මාසික පදනමින් කවරේද;
(iii) 2011 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ මුළු බඩ ඉරිඟු නිෂ්පාදනය වාර්ෂික පදනමින් කොපමණද;
(iv) බඩ ඉරිඟු නිෂ්පාදනයේ නිෂ්පාදන පිරිවැය කොපමණද;
(v) ශ්‍රී ලංකාව තුළ බහුල වශයෙන් බඩ ඉරිඟු වගා කරනු ලබන ප්‍රදේශ මොනවාද;
(vi) ශ්‍රී ලංකාව විසින් බඩ ඉරිඟු අපනයනය කරනු ලබන රටවල් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-05
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා (කෘෂිකර්ම අමාත්‍යතුමා)
(மாண்புமிகு மஹிந்த யாப்பா அபேவர்தன - கமத்தொழில் அமைச்சர்)
(The Hon. Mahinda Yapa Abeywardena - Minister of Agriculture)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි.
(අ) (i) ඔව්. එවැනි ප්‍රකාශයක් පුවත් පත්වල පළ වී තිබුණි. 2012.05.24 දින බඩ ඉරිඟු මොට්‍රික් ටොන් 10,000ක් කැනඩවට සහ තායිවානයට අපනයනය කළ බව ප්‍රකශ කර ඇත. "දිවයින" පුවත්‍පත සහ "ලංකාදීප" පුවත් පත.
විස්තර ඇමුණුම 01 සහ 02 හි සඳහන් වේ.
ඇමුණුම් සභාගත* කරමි.
|
මාසය හා අවුරුද්ද |
රට |
ප්‍රමාණය කි.ග්‍රෑ. |
වටිනාකම රු. |
|
මැයි - 2012 |
තායිවානය |
135,000 |
5,642,642.00 |
|
|
මාලදිවයින |
15 |
2,217.00 |
|
ජුනි - 2012 |
තායිවානය |
112,500 |
5,028,870.00 |
|
අගෝස්තු - 2012 |
තායිවානය |
112,500 |
4,915,063.00 |
|
සැප්තැම්බර් - 2012 |
බෲනායි |
23,000 |
934,340.00 |
|
|
තායිවානය |
247,500 |
8,048,798.00 |
|
|
නෝර්වේ |
275 |
69,058.00 |
|
ඔක්තෝබර් - 2012 |
බෲනායි |
22,500 |
1,147,726.00 |
|
දෙසැම්බර් - 2012 |
බෲනායි |
21,750 |
2,329,644.00 |
|
|
මාලදිවයින |
150 |
8,339.00 |
|
ජනවාරි - 2013 |
බෲනායි |
90,000 |
4,180,761.00 |
|
|
කැනඩාව |
150 |
29,505.00 |
|
පෙබරවාරි - 2013 |
ඕස්ට්‍රේලියා |
600 |
1,861,414.00 |
|
මාර්තු - 2013 |
බෲනායි |
180,000 |
8,182,924.00 |
|
අප්‍රේල් -2013 |
බෲනායි |
90,000 |
4,078.637.00 |
|
|
මාලදිවයින |
124 |
7,948.00 |
|
එකතුව |
|
1,036,064 |
46,467,886.00 |
(iii) 2011 වර්ෂයේ නිෂ්පාදනය මෙ.ටො. 137,797
2012 වර්ෂයේ නිෂ්පාදනය මෙ.ටො. 202,315
(iv) දළ වශයෙන් අක්කරයකට රුපියල් 50,508.00ක් පමණ වේ.
(v) අනුරාධපුර, මහවැලි H කලාපය, මොණරාගල, බදුල්ල, අම්පාර, හම්බන්තොට
(vi) තායිවානය, මාලදිවයින, බෲනායි, නෝර්වේ, කැනඩාව හා ඕස්ට්‍රේලියාව
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-06-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks