E   |     |  

 දිනය: 2026-07-23   පිළිතුර ලබා දී ඇත 

1824/2026: මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන: උතුරු පළාත

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබේද;

(ii) එසේ නම්, ඒවා ස්ථාපිත කර ඇති දිස්ත්‍රික්ක කවරේද;

(iii) වර්තමානයේදී එම මධ්‍යස්ථානවලින් සේවා සපයනු ලබන්නේද;

(iv)  එසේ නම්, සේවා සපයනු ලබන දිස්ත්‍රික්ක කවරේද;  

(v)  නොඑසේ නම්, ඒ සඳහා හේතු කවරේද;

(vi) එම මධ්‍යස්ථාන ක්‍රියාත්මක තත්ත්වයට පත්කිරීම සඳහා අපේක්ෂිත කාලවකවානුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-23

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පිළිතුර ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී ඇත.

පිළිතුරු දුන් දිනය

2026-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks