04

E   |     |  

 දිනය: 2013-06-04   පිළිතුර ලබා දී ඇත 

2791/2013: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මඟී නැව් සේවාව : විස්තර

2791/’12

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)   ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර   මගී නැව් සේවාව ආරම්භ කරන ලද දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)     මේ වනවිට එම මගී නැව් සේවාව,

              (i)       පවත්වාගෙන යන්නේද;

  (ii)  පවත්වාගෙන නොයන්නේ නම්, එය නවතා දමා ඇති කාල සීමාව කවරේද;

  (iii)  නවතා දමා නැවත ආරම්භකර පවත්වාගෙන යන්නේ නම්, එම කාලසීමාව කවරේද;

  (iv)  මේ වනවිට පවත්වාගෙන නොයන්නේ නම්, නැවත ආරම්භ කරන දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)    ඉහත සඳහන් මගී නැව් සේවාව පවත්වා ගෙන යෑම වෙනුවෙන්,

  (i)  මිල දී ගෙන හෝ බදු/කුලී පදනම මත ලබාගෙන ඇති වත්කම් කවරේද;   

  (ii)  බදු හෝ කුලී පදනම මත ගොඩනැගිලි ලබාගෙන තිබේ නම්, එම ගොඩනැගිලි ලබාගත් ආයතනය කවරේද;

  (iii)  ලබාගත් ගොඩනැගිලි සඳහා මාසිකව ගෙවනු ලබන මුදල කොපමණද;

  (iv)  එම ගොඩනැගිලි සඳහා අදාළ කුලිය එකවර ගෙවා තිබේද;

  (v)  ගොඩනැගිලි සඳහා එකවර කුලිය ගෙවන ලද කාල වකවානුව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-06-04

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා (වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා)

(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் அமைச்சர்)

(The Hon. Rohitha Abeygunawardana - Minister of Ports and Highways)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)       ඉන්දියානු සමාගමක් විසින් මෙම සේවාව ආරම්භ කරන ලදුව ප්‍රථම නෞකාව 2011 ජුනි 14වන දින කොළඹට සේන්දු විය.

(ආ)         (i)      දැනට මෙය පවත්වා ගෙන යනු නොලැබේ.

(ii) මෙය ක්‍රියාත්මක කළ ඉන්දියානු සමාගම විසින් 2011 නොවැම්බර් 18වන දින සිට නතර කර ඇත

(iii) ක්‍රියාත්මක කිරීම 2011 ජුනි 11 ආරම්භ වූ අතර, 2011 නොවැම්බර් 18 දින සිට නතර කරන ලදී.

(iv) මෙම සේවය ඉන්දියානු සමාගමක් විසින් ආරම්භ කරන ලද අතර, නැවත ඔවුන් එය ආරම්භ කරන බවට දැනුම් දීමක් කර නැත.

(ඇ) (i) මඟී හැසිරවීම් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගන්නා ලදී. ලැයිස්තුව ඇමු‍ණුමේ දැක්වේ. ඇමුණුම සභාගත* කරමි.  

(ii) සී/ස ලංකා නැව් සංස්ථාවටද කොටස් හිමි සමාගමක් වන සී/ස මර්කන්ටයිල් ෂිපිං සමාගම සතු ගොඩනැඟිල්ලක් ලබා ගන්නා ලදී.

(iii) රුපියල් 3,00,000ක්. දැනට කිසිදු මුදලක් ගෙවනු නොලැබේ. 

(iv) ඔව්.

(v) වසර තුනක් සඳහා ගොඩනැඟිල්ල භාර දීමෙන් පසු, ඉතිරි මුදල ආපසු ලැබිණ.

(ඈ) පැන නොනඟී.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

 

පිළිතුරු දුන් දිනය

2013-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks