පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1497/2025
ගරු බී. ආරියවංශ මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද දිනය කවරේද;
(ii) එම වනාන්තරයට අයත් භූමි ප්‍රමාණය කොපමණද;
(iii) ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියේ තිරසරභාවයට ඉමහත් පිටිවහලක් වන සිංහරාජ වනාන්තරයේ අභ්‍යන්තර හා බාහිර පරිසර පද්ධති සංරක්ෂණය කිරීමට මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-14
අසන ලද්දේ
ගරු බී.ආරියවංශ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සිංහරාජ වනාන්තරය 1988.12.02 දින ලෝක උරුම වනාන්තරයක් ලෙස නම් කර ඇත.
(ii) සිංහරාජ වනාන්තරයට අයත් භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 36,474.93ක් වේ.
(iii) ඔව්.
1988 අංක 3 දරන ජාතික උරුම වන භූමි පනත යටතේ සිංහරාජ වනාන්තරය ජාතික උරුමයක් ලෙස නම් කර ඇත. එසේම, 1978 වර්ෂයේදී සිංහරාජ වනාන්තරය මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් ලෙස ද නම් කර ඇත.
මෙහි ඇති සුවිශේෂී ජෛව විවිධත්වය සහ පාරිසරික වටිනාකම සලකා බලා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය - UNESCO - මඟින් මෙය 1988 වර්ෂයේදී ලෝක උරුමයක් ලෙසද ප්‍රකාශයට පත් කර ඇත.
සිංහරාජ ලෝක උරුම වන භූමිය මීට පෙර දළ වශයෙන් හෙක්ටෙයාර 11,000ක් පමණ පැවති අතර, ඉන්පසුව සංරක්ෂණය සඳහා වන ඉඩම් ලෙස සිංහරාජ නව මායිම දළ වශයෙන් හෙක්ටෙයාර 35,000ක පමණ භූමි ප්‍රමාණයක් 2019 වර්ෂයේදී ගැසට් කරන ලදී.
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය - ESCAMP - මඟින් සිංහරාජය හා ඒ අවට ප්‍රදේශය කළමනාකරණය සඳහා භූ දර්ශන කළමනාකරණ සැලැස්මක් සකස් කර ඇත. එම සැලැස්ම සිංහරාජ වනාන්තරයේ අභ්‍යන්තර හා බාහිර සංරක්ෂණ සැලකිල්ලට ගෙන සකස් කර ඇත.
සිංහරාජ වනාන්තරයේ පාරිසරික සංචාරක කටයුතු නියාමනය සඳහා සංචාරක සැලැස්මක් - NBTP, Nature-Based Tourism Plan එකක් - පරිසර පද්ධති සංරක්ෂණ සහ කළමනාකරණ ව්‍යාපෘතිය - ESCAMP - මඟින් සකස් කර ඒ අනුව කටයුතු කරමින් පවතී.
2025 වර්ෂයේ පාරිසරික සංචාරක කටයුතු නියාමනය වෙනුවෙන් රත්නපුර කුඩව පිවිසුම සඳහා රුපියල් 3,368,440ක මුදලක් හා මාතර පිටදෙනිය පිවිසුම සඳහා රුපියල් 15,710,000ක මුදලක් වෙන් කර ඇත.
තවද, සිංහරාජ වනාන්තරයේ රත්නපුර කුඩව පිවිසුමෙන් පැමිණෙන සංචාරකයන්ගෙන් විශේෂ අවශ්‍යතා සහිත සංචාරකයන් සඳහා වනාන්තරයට පිවිසීමට පහසුකම් සැකසීමට buggy cart යෙදවීමට යෝජනාවක් Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘතියක් ලෙස අනුමත වී මූලික කටයුතු මේ වනවිට සිදු කරමින් පවතී.
එමෙන්ම, සිංහරාජ ලෝක උරුම වන භූමියේ නව මායිම් අනුව සිංහරාජය තුළ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හා පෞද්ගලික පාර්ශ්ව සතු ඉඩම් සිංහරාජ වනාන්තරයේ සංරක්ෂණ කටයුතු සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අත්පත් කර ගැනීමට පියවර ගෙන ඇත.
එසේම සිංහරාජ වනාන්තර මායිම වටා ඇති රක්ෂිත වනාන්තර, සංරක්ෂිත වනාන්තර, වෙනත් රජයේ වනාන්තර වැනි පරිවාර වනාන්තරවලද පවතින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු හා පෞද්ගලික පාර්ශ්ව සතු ඉඩම්, සංරක්ෂණය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අත්පත් කර ගැනීමට කටයුතු කරමින් පවතී.
තවද, සිංහරාජ වනාන්තරයේ අභ්‍යන්තර හා බාහිර පද්ධති සංරක්ෂණය කිරීමට ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග වශයෙන් සිංහරාජය වටා ඇති පරිවාර වනාන්තර රක්ෂිත, සංරක්ෂිත බවට පත් කිරීමට කටයුතු කරනු ලබයි. එම පරිවාර වනාන්තරවල ස්ථීර මායිම්ද සලකුණු කර ඇති අතර, එසේ සලකුණු කර නොමැති මායිම් ඉදිරියේදී සලකුණු කිරීමට අපේක්ෂිතය. ඊට අමතරව, තවදුරටත් පවතින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු හා පෞද්ගලික පාර්ශ්ව සතු වනාන්තරමය ලක්ෂණ සහිත ඉඩම් සංරක්ෂණය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අත්පත් කර ගැනීමට කටයුතු සිදු කරනු ලබන බව වැඩිදුරටත් දන්වා සිටිමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks