පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1493/2025
ගරු නීතිඥ ගීතා හේරත් මහත්මිය,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1989.07.11 දිනැති අංක 566/5 ගැසට් නිවේදනය අනුව, පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වනජීවී සංරක්ෂණ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම ගැසට් නිවේදනය නිකුත් කරන අවස්ථාවේදී අදාළ භූමිය තුළට, භුක්ති විඳින ඉඩම්, පදිංචිවී සිටින ඉඩම් හා රජයේ දීමනා පත්‍ර ඉඩම් අයත්ව තිබුණේද;
(iii) මැනීම් කර, එම ඉඩම් හඳුනාගෙන තිබේද;
(iv) හක්වටුනාව ජලාශය සහ ජලාශ රක්ෂිතය මැන මායිම් ලකුණු කර තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ගැසට් කිරීමෙන් පසුවද ඉහත වනජීවී කලාපයට මාර්ග, විදුලිය සහ ජල පහසුකම් ලබාදී තිබේද;
(ii) මෙම කලාපයේ ඇති රජයේ පාසැල්, ග්‍රාම නිලධාරි කාර්යාල, සායන මධ්‍යස්ථාන සහ විහාරස්ථාන සංඛ්‍යාව කොපමණද;
(iii) හේරත්ගම, වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරින් විසින් රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනත යටතේ නඩු පැවරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iv) පුද්ගලයන් විසින් භුක්ති විඳින/පදිංචිවී සිටින ඉඩම් ඔවුන්ට ලබා දෙන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-14
අසන ලද්දේ
ගරු නීතිඥ ගීතා හේරත් මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ● වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වනජීවී රක්ෂිත ප්‍රදේශය කහල්ල-පල්ලෙකැලේ අභයභූමිය වේ. එම භූමි ප්‍රදේශය කුරුණෑගල දිස්ත්‍රික්කයට හා අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වේ. මුළු භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 8,777.63ක් පමණ වන අතර, ඉන් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් භූමි ප්‍රමාණය හෙක්ටෙයාර 5,352.86ක් පමණ වේ.
● වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත වනාන්තර හෙක්ටෙයාර 13,833ක්, සංරක්ෂිත වනාන්තර හෙක්ටෙයාර 496ක් සහ වෙනත් අවශේෂ කැලෑ හෙක්ටෙයාර 560ක් ඇත.
(ii) ඔව්.
(iii) මෑතකදී මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අභය භූමියෙහි පදිංචි ඉඩම් කොටසක් මැනුම් කර ඇත. තවදුරටත් ඒවා හඳුනා ගැනීම් සිදු කරනු ලබයි.
(iv) හිරියාගල ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාසයට අයත් හක්වටුනාව ජලාශය පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති අතර ජලාශයේ ධාරිතාව අක්කර අඩි 19,728කින් යුක්ත වේ. මෙම ජලාශයේ රක්ෂිත සීමාව මැනීමේ කටයුතු 2017 වර්ෂයේදී ආරම්භ කර ඇත. ජලාශයේ රක්ෂිත සීමාව මිනුම් කිරීම සඳහා මැනුම් ගාස්තු වශයෙන් රුපියල් 643,080ක මුදලක් ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරි වෙත ගෙවීම් කර ඇත.
මැනුම් නියෝග අනුව රක්ෂිත සීමාව ලෙස අධිගංවතුර මට්ටමේ සිට තිරස්ව මීටර් 100ක් දුර සීමාව සලකුණු කරන ලෙස උපදෙස් ලබා දී ඇත. මිනින්දෝරු අධිකාරි විසින් මේ වනවිට මැනුම් කටයුතු සිදු කරමින් පවතින අතර මැනුම් කටයුතු සිදු කිරීමට ඉතුරුව ඇති කොටසින් සියයට 90ක් පමණ තාවකාලික මායිම් කණු යොදා අදාළ ස්ථානවල GPS ඛණ්ඩාංක ලබාගෙන ඇත.
(ආ) (i) ගැසට් කිරීමෙන් පසුව ද ජනාවාසවලට අදාළ පහසුකම් ලබා දී ඇත.
(ii)
● රජයේ පාසල් සංඛ්‍යාව - 04
● ග්‍රාම නිලධාරි කාර්යාල සංඛ්‍යාව - 02
● සායන මධ්‍යස්ථාන සංඛ්‍යාව - 03
● විහාරස්ථාන සංඛ්‍යාව - 05
(iii) හේරත්ගම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් නොමැති බැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් නඩු පැවරීමට අදාළව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
(iv) කහල්ල - පල්ලෙකැලේ අභය භූමියේ ඉඩම් ගැටලු විසඳීම සඳහා අදාළ සියලු පාර්ශ්වකාර ආයතනවල සාමාජිකයන්ගෙන් යුත් කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව මඟින් මේ වනවිට මේ සම්බන්ධව සාකච්ඡා කරමින් පවතී. එම කමිටුව මඟින් ගන්නා තීරණය ප්‍රකාරව ඉදිරියේදී කටයුතු කරනු ලබයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks