පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2781/’12
ගරු අජිත් පී. පෙරේරා මහතා,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012.05.01 දින යාපනයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියේදී කොටි සංවිධානයට අයත් කොඩියක් යම් අයෙකු විසින් ප්‍රදර්ශනය කරන රූපරාමු ඇතුළත් ප්‍රවෘත්තියක් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කළේද;
(ii) ස්වාධීන රූපවාහිනී සේවයට අයත් මාධ්‍යකරුවෙක් හෝ කණ්ඩායමක් විසින් එකී මැයි රැළිය රූගත කරනු ලැබුවේද;
(iii) නොඑසේ නම්, කොටි සංවිධානයට අයත් කොඩියක් ප්‍රදර්ශනය කිරීමේ දර්ශන ඇතුළත් වීඩියෝ පටය ස්වාධීන රූපවාහිනී සේවයට ලබා දුන් පුද්ගලයා කවුරුන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ස්වාධීන රූපවාහිනී සේවය විසින්,
(i) ඉහත වීඩියෝ පටයේ අව්‍යාජභාවය හෝ නිරවද්‍යභාවය තහවුරු කරගනු ලැබූ ආකාරය කවරේද;
(ii) ඉහත කී දර්ශන ඇතුළත් රූපරාමු විකාශය කරන ලද වාර ගණන කොපමණද;
(iii) එම දර්ශන විකාශය කරන ලද දින හා වේලාවන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-08-21
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා (ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමා)
(மாண்புமிகு கெஹெலிய ரம்புக்வெல்ல - வெகுசன ஊடக, தகவல் அமைச்சர்)
(The Hon. Keheliya Rambukwella - Minister of Mass Media and Information)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) නැත.
(iii) බාහිර පාර්ශ්වයක් විසින් ලබා දෙන ලද අතර ඒ පිළිබඳව හෙළිදරවු කළ නොහැක.
(ආ) (i) ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ පරිගණක හා තාක්ෂණ නිලධාරින් විසින් දර්ශන පරිගණක ආශ්‍රයෙන් පුළුල් ලෙස විමර්ශන කොට අව්‍යාජතාවය තහවුරු කරන ලදී.
(ii) 14යි. (මැයි මස පළමුවනදා සිට 07 වන දා දක්වා පිළිතුරු සහ විමසුම විශේෂාංගයද ඇතුළුව.)
(iii) 2012 මැයි 01 - රාත්‍රී 7.00/රාත්‍රී 9.30
2012 මැයි 02 - උදෑසන 6.00/දහවල් 12.00/රාත්‍රී 9.30
2012 මැයි 03 - රාත්‍රී 7.00/විමසුම
2012 මැයි 04 - රාත්‍රී 7.00/රාත්‍රී 9.30
2012 මැයි 06 - දහවල් 12.00/රාත්‍රී 7.00
2012 මැයි 07 - දහවල් 12.00/රාත්‍රී 7.00/රාත්‍රී 9.30
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2012-10-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks