E   |     |  

 දිනය: 2025-10-23   පිළිතුර ලබා දී ඇත 

1462/2025: Estimate for the reconstruction of Kaluthara DIstrict Sports Complex

1462/2025

ගරු අජිත් පී. පෙරේරා මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       බණ්ඩාරගම පිහිටි, කළුතර දිස්‍ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ (පෙර රාජා සමරනායක ස්ටේඩියම්) නඩත්තුව සහ ප්‍රතිසංස්කරණය සඳහා සැලැස්මක් තිබේද;

              (ii)      එසේ නම්, එම ක්‍රීඩා සංකීර්ණයේ සිදු කළ යුතු නඩත්තු කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු කවරේද;

(iii) ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල කොපමණද;

(iv) එම ක්‍රීඩා සංකීර්ණයේ නඩත්තු කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් 2025 වර්ෂය තුළදී වැය කර ඇති මුදල කොපමණද;

(v) එම ක්‍රීඩාංගනයේ ඇති මීටර් 400 ධාවන පථයේ, මීටර් 100ක පමණ කොටසක සහ ක්‍රීඩාංගනය මධ්‍යයේ ස්ථාන ගණනාවක තණකොළ මැරී ගොස් බොරලු පස් පෑදී ඇති බව දන්නේද;

(vi) එසේ නම්, එය  විසඳීම සඳහා ගනු ලබන පියවර කවරේද;

(vii) ක්‍රීඩාංගනය තුළ වැසි ජලය එකතුවීම වැළැක්වීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-23

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks