E   |     |  

 පිළිතුර ලබා දී ඇත 

1461/ 2025 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1461/2025

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යට‍තේ ශ්‍රී ලංකා පුරවැසියන් වෙත ලබාදී ඇති හිමිකම් තහවුරු කිරීම සඳහා 2016 වර්ෂයේ සිට මේ දක්වා වෙන් කර ඇති මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) ඉහත පනත ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී ගැනීමට නියමිත පියවර කවරේද;

      (iii) ඉහත පනත මඟින් ශ්‍රී ලංකා පුරවැසියන් වෙත ලබාදී ඇති හිමිකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී සිදු කිරීමට නියමිත නීතිමය ප්‍රතිසංස්කරණ කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) 2017 වර්ෂයේ සිට මේ දක්වා ශ‍්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට ලැබුණු අභියාචනා සංඛ්‍යාව සහ ඒ අතරින් කොමිෂන් සභාව විසඳා ඇති අභියාචනා සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) ඉහත අභියාචනා අතරින් මේ දක්වා විභාග කර අවසන් කිරීමට නොහැකිවූ අභියාචනා සංඛ්‍යාව කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-10-23

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks