E   |     |  

 පිළිතුර ලබා දී ඇත 

1460/ 2025 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1460/2025

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

      (අ)         (i)       2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත සමඟ කියවිය යුතු 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ විධිවිධාන ප්‍රකාරව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීම සඳහා ඉල්ලා ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීම සඳහා  ඉල්ලා නොමැති නම්, ඊට හේතු කවරේද;

      (iii) ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත සේවකයන්ට වන්දි ගෙවීම සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;

      (iv) එම මුදල සපයා ගැනීමට යෝජිත මූලාශ්‍ර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-10-23

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks