01

E   |     |  

 දිනය: 2025-11-11   පිළිතුර ලබා දී ඇත 

1404/2025: බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය ඉදිකිරීම නිසා බලපෑමට ලක් වූ අය: වන්දි

1404/2025

ගරු මංජුල සුරවීර ආරච්චි මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද වර්ෂය කවරේද;

              (ii)       මේ වනවිට එම ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබේද;

            (iii)       නොඑසේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) ‍(i) ඉහත බලාගාරය ඉදිකිරීම හේතුවෙන් වන්දි ලබා දීමට නියමිත පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(ii) ඒ අතරින් මේ වනවිට මුළු වන්දි මුදලම ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව සහ එම එක් එක් පුද්ගලයාට ලබා දෙන ලද වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) තවදුරටත් වන්දි ලබා දීමට ඉතිරිව සිටින පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

 (iv) එම එක් එක් පුද්ගලයාගේ නම සහ ගෙවීමට නියමිත වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) ඔවුන්ට වන්දි ගෙවීම අවසන් කරනු ලබන දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-11

අසන ලද්දේ

ගරු මංජුල සුරවීර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2013

              (ii)      ඔව්.

            (iii)      ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත.

(ආ)         (i)      පවුල් 243කි.

              (ii)      නිවාස හා ඉඩම් අත්කර ගත් පවුල් 108ක් සඳහා මුළු වන්දි ලෙස රුපියල් 379,355,250ක් ගෙවා ඇති අතර, ඒ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ඇමුණුම් I(I) සිට I(IV)  ලෙස ඉදිරිපත් කර ඇත.  එය දීර්ඝ ලේඛනයක්. 

(iii) නිවාසවලට සුළු හානි සිදු වූ පවුල් 135කට රුපියල් 8,987,300.00ක මුදලක් වන්දි ‍වශයෙන් ගෙවීමට ඉතිරිව ඇති අතර, ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඇමුණුම 2 මඟින් දක්වා ඇත.

(iv) ගෙවීමට නියමිත වන්දි මුදල් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඇමුණුම 2 මඟින් දක්වා ඇත. මේකත් දීර්ඝ ලේඛනයක්.

(v) යටියන්තොට සහ අඹගමුව කෝරළයේ ප්‍රාදේශීය ලේකම්වරු සමඟ සම්බන්ධීකරණයෙන් ගෙවීමට ඉතිරි වී ඇති වන්දි මුදල් නුදුරු දිනයකදී ගෙවා නිම කිරීමට බලාපොරොත්තු වේ.

(ඇ) අදාළ නැත.

 

 

පිළිතුරු දුන් දිනය

2025-11-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks