පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1397/2025
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ, පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ධීවර කාර්මිකයන් මසුන් ඇල්ලීම සඳහා බෝට්ටු යෙදවීමේදී, එම ධීවර කාර්මිකයන් සහ සංචාරකයන් අතර මුහුදු වෙරළේදී විටින් විට විවිධ ගැටලු මතුවී ඇති බව දන්නේද;
(ii) එසේ නම්, එම ධීවර කාර්‌මිකයන්ට පහසුවක් වන පරිදි කුඩාකල්ලිය ප්‍රදේශයේ ධීවර තොටුපළක් සහ ධීවර ගම්මානයක් ඉදිකිරීමට පියවර ගන්නේද;
(iii) අරුගම්බේ, රොට්ටෙයි, ආර්.එම්. නගර් සහ කෝමාරි යන ප්‍රදේශ ආවරණය වන කලපු සංවර්ධනය කිරීමට පියවර ගන්නේද;
(iv) මුහුදේ සහ කලපුවල ධීවර කර්‌මාන්තයේ යෙදෙන ධීවර කාර්‌මිකයන් සඳහා සුදුසු ධීවර බෝට්ටු සහ ධීවර දැල් ඇතුළු ධීවර ආම්පන්න ලබා දීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-12-09
අසන ලද්දේ
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර, ජලජ සහ සාගර සම්පත්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
----
පිළිතුරු දුන් දිනය
2026-01-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks