පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2773/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මිරිදිය හා කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් සංඛ්‍යාව;
(ii) 2010 මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ “සෑම ධීවර කාර්මිකයෙකු සඳහාම ආම්පන්න කට්ටලයක් ලබා දෙන්නෙමි” යනුවෙන් වූ පොරොන්දුවට අනුව මේ වනවිට ආම්පන්න ලබා දී ඇති ධීවරයින් සංඛ්‍යාව;
(iii) එකී ආම්පන්න කට්ටල ලබා නොදුන් ධීවරයින් සංඛ්‍යාව;
(iv) උක්ත කරුණ සඳහා පොරොන්දු වූ වර්ෂයේ සිට මේ දක්වා වාර්ෂිකව වෙන් කරන ලද මුදල;
(v) එක් ආම්පන්න කට්ටලයක් සඳහා වැයවන මුදල;
කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් ආම්පන්න කට්ටලයට අයත් ධීවර ආම්පන්න කවරේද;
(ii) එම කට්ටල නොමිලයේ ලබා දී තිබේද;
(iii) නොඑසේ නම්, එය ලබා දුන් ක‍්‍රමවේදය කවරේද;
(iv) මෙතෙක් ඉහත සඳහන් ධීවර ආම්පන්න ලබා නොදුන් ධීවරයින්ට එම උපකරණ ලබාදෙන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-05-10
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා (ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා)
(மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்ன - கடற் றொழில், நீரக வளமூலங்கள் அபிவிருத்தி அமைச்சர்)
(The Hon. (Dr.) Rajitha Senaratne - Minister of Fisheries and Aquatic Resources Development)
(අ) (i) කරදිය ධීවරයින් සංඛ්‍යාව - 222,160
මිරිදිය ධීවරයින් සංඛ්‍යාව - 44,660
එකතුව 266,820
======
(ii) කරදිය - 24,362
මිරිදිය - 1 0,023
එකතුව 34,385
======
(iii) කරදිය - අවශ්‍යතාව හා ඉල්ලීම අනුව ධීවර ආම්පන්න නිකුත් කෙරෙන අතර, ලබා නොදුන් ධීවරයින් සංඛ්‍යාව දැක්වීම තර්කානුකූල නොවේ.
මිරිදිය - 16,123
(iv) නිකුත් කරන ලද ආම්පන්නවල වටිනාකම රුපියල් මිලියන 2867.88
(v) කරදිය - ධීවර මෙහෙයුම් වර්ගය, ප්‍රමාණයන්, රැකියාව කරන ප්‍රදේශය, මුහුදු කලාපය, රැකියාවේ ස්වභාවය අනුව ධීවර ආම්පන්න කට්ටලවල ප්‍රමාණයන් සහ වර්ගය වෙනස් වන බැවින් ආම්පන්න එක් කට්ටලයක් සඳහා වැය වන මුදල නිශ්චිතව දැක්විය නොහැක.
මිරිදිය - ඔරු (18 1/2) - රුපියල් 41,567.85
ඔරු (15 1/2) - රුපියල් 36,577.96
දැල් (3,1/2) 3 වෙළුම උස - දැල් ඇස් 75 දිග - දැල් ඇස් 1,500 - රුපියල් 7,190.50.
(ආ) (i) කරදිය - අවශ්‍යතාව අනුව ආම්පන්න කට්ටලයකට අයත් වන උපාංග තීරණය වන අතර, එය පහත සඳහන් උපකරණ අතරින් එකක් හෝ කිහිපයක් විය හැක.
* යාත්‍රා කඳ
* දැල් ආම්පන්න
* මරුවැල්
* එන්ජිම
* විවිධ නාවික උපකරණ
මිරිදිය - 3 1/2 දැල් දෙකක් (02), ඔරු නොමැති ධීවරයින්ට ඔරුවක්.
(ii) ඔව්.
(iii) අදාළ නොවේ.
(iv) සියලුම ධීවරයින්ට ආම්පන්න ලබා දීම සඳහා නිශ්චිත දිනයක් දැක්විය නොහැකි අතර, ධීවර කළමනාකරණ ක්‍රමවේදයන් සැලකිල්ලට ගෙන වාර්ෂික සංවර්ධන සැලසුම් තුළින් ආම්පන්න ලබාදීමට සැලසුම් කෙරේ.
(ඇ) ධීවර සම්පත් නෙළා ගැනීම සඳහා ධීවර ආම්පන්න කට්ටල ලබා දීමේදී විවිධ ජාතික හා ජාත්‍යන්තර එකඟතාවන් සැලකිල්ලට ගනිමින් කළමනාකරණ ක්‍රමවේදයන් හා මිනුම්වලට අනුකූලව ධීවර සම්පත් විභවයන් ද සැලකිල්ලට ගනිමින් කටයුතු කළ යුතුව ඇති අතර, එබැවින් ධීවර ආම්පන්න ලබා දී අවසන් කළ හැකි පැහැදිලි දිනයක් දැක්වීම ප්‍රායෝගික නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-05-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks