E   |     |  

 පිළිතුර ලබා දී ඇත 

1352/ 2025 - ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1352/2025

      ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

      (අ)         (i)       මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල තහනම් පන්න ක්‍රම සහ අනවසර ධීවර යාත්‍රා භාවිතා කරමින් නීති විරෝධී ධීවර කටයුතු සිදු කරන බව දන්නේද;

                    (ii)       එසේ නම්, ඒවා මැඩලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      (iii) ඒ සඳහා නිරීක්ෂණ සහ මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීමට ඉදිරියේදී ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) ඉහත නීති විරෝධී ධීවර කටයුතු —

      (i) හේතුවෙන් මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල ගුණාත්මක මත්ස්‍ය නිෂ්පාදනයට ඇතිවූ බලපෑම කවරේද;

      (ii) හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ධීවරයන්ගේ ආර්ථිකට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර තිබේද;

      (iii) හේතුවෙන් පීඩාවට පත්වූ සාමාන්‍ය ධීවරයන්ගේ ජීවනෝපාය මාර්ග සහ ඔවුන්ගේ ආදායම් සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      (iv) මැඩලීමට ප්‍රමාණවත් පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද;

      (v) මැඩලීම සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යන්නේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-11-13

අසන ලද්දේ

ගරු මයිල්වාගනම් ජෙගදීස්වරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර, ජලජ සහ සාගර සම්පත්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks