01

E   |     |  

 දිනය: 2025-11-13   පිළිතුර ලබා දී ඇත 

1350/2025: කින්නියා - ‍කොළඹ ප්‍රධාන මාර්ගය: පුළුල් කිරීම

1350/2025

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නඩත්තු කරනු ලබන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මාර්ග පුළුල් කළ යුතු තත්ත්වයක පවතින බවත්;

              (ii)       කින්නියා ප්‍රදේශ‍යේ ජනගහනය සහ එම ප්‍රදේශයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සංඛ්‍යාව අනුව කින්නියා-‍කොළඹ ප්‍රධාන මාර්ගය ප්‍රමුඛත්වයදී පුළුල් කළ යුතු බවත්;

(iii) එම මාර්ගයට ආසන්නව පාසැල් පිහිටා තිබෙන අතර අධික රථවාහන තදබදයක්  තිබෙන බවත්, පදිකයන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) කින්නියා-කොළඹ ප්‍රධාන මාර්ගයේ පළල කොපමණද;

(ii) එම මාර්ගය එක් දිශාවකට පමණක් වාහන ගමන් කළ හැකි මාර්ගයක්ද; 

(iii) නොඑසේ නම්,  දිශාවන් දෙකටම වාහන ගමන් කළ හැකි මාර්ගයක්ද; 

(iv) ඉහත මාර්ගය පුළුල් කිරීම සඳහා පියවර ගෙන ති‍බේද;

(v) එසේ නම්, යෝජිත මාර්ගයේ දිග සහ පළල කොපමණද;

(vi) ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති වියදම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?  

 

අසන ලද දිනය

2025-11-13

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     ·     ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලු මාර්ග පුළුල් කළ යුතු තත්ත්වයක නොපවතී.

              (ii)             ඔව්.

                       ·     කින්නියා සිට කොළඹ දක්වා ගමන් කිරීමේදී තඹලගමු කින්නියා මාර්ගය - B-541 - භාවිත කළ යුතු අතර, තඹලගමු හන්දියේ සිට අඹේපුස්ස-කුරුණෑගල-ත්‍රිකුණාමලය මාර්ගයට - A006 මාර්ගය - එය සම්බන්ධ වේ. A006 මාර්ගය අඹේපුස්සේදී A001 මාර්ගයට - මහනුවර-කොළඹ - සම්බන්ධ වේ.

ඒ අනුව, තඹලගමු කින්නියා මාර්ගයේ,

I. කිලෝමීටර 13.5 සිට කිලෝමීටර 15.2 දක්වා ද;

II. අඹේපුස්ස-කුරුණෑගල-ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමීටර 193 සිට කිලෝමීටර 196 - නගරාසන්න ප්‍රදේශය - දක්වා ද; පුළුල් කළ යුතු තත්ත්වයක පවතී.

(iii) ඔව්.

· තඹලගමු කින්නියා මාර්ගයේ කිලෝමීටර 13.5 සිට කිලෝමීටර 15.2 දක්වා කාර්යාල හා පාසල් වේලාවන්හි අධික රථ වාහන තදබදයක් දැකිය හැකිය.

· පදිකයන්ට ද ප්‍රමාණවත් පහසුකම් නොමැත.

(ආ) (i) පාරේ පළල ගැන අහන්නේ.

1.   තඹලගමු කින්නියා මාර්ගය - B-541

· කිලෝමීටර 0 සිට කිලෝමීටර 8.5 දක්වා පළල මීටර් 6.6ක්ද, ඒකේ hard shoulder එක දෙපැත්තෙන්ම මීටර් 0.3 තුන බැගින් ද වෙනවා.

    · ඒ වාගේම, ඒකේ කිලෝමීටර 8.5 සිට කිලෝමීටර  12.2 දක්වා පාරේ පළල මීටර් 6.2යි.

      කිලෝමීටර 12.2 සිට කිලෝමීටර 15.2 දක්වා පාරේ පළල මීටර් 7.7යි.  මීටර් දශම 5 ගණනේ hard shoulder එක දෙපැත්තේම තිබෙනවා.

ගරු මන්ත්‍රීතුමාට මේක අදාළ නැහැ කියලා මම දන්නවා. නමුත් මේ පාර ගැන ඇහුවාට පස්සේ අපි ඒක හරියට කියන්න ඕනෑ.

  2.  කොළඹ සිට නිට්ටඹුව දක්වා මාර්ගය මංතීරු හතරක්.

       · ඒ මාර්ගයේ පළල  මීටර් 13යි.

  3. කොළඹ සිට අඹේපුස්ස දක්වා මාර්ගය මංතීරු 2යි.

       · ඒ මාර්ගයේ පළල මීටර් 6.8යි.

  4. අඹේපුස්ස සිට ත්‍රිකුණාමලය දක්වා මාර්ගය මංතීරු දෙකක්.

       · ඒ මාර්ගයේ පළල මීටර් 7.2යි.

(ii) නැත. මෙය එක් දිශාවකට පමණක් වාහන ගමන් කළ හැකි මාර්ගයක් නොවේ.

(iii) ඔව්. දිශාවන් දෙකටම වාහන ගමන් කළ හැකි මාර්ගයකි.

(iv) නැත.

(v) අදාළ නොවේ.

(vi) ·   2026 වර්ෂය සඳහා වූ අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර නොමැත.

(ඇ) ·   2027 වර්ෂය සඳහා widening and improvement යටතේ මාර්ගය පුළුල් කිරීමට ප්‍රතිපාදන ලබා ගැනීමට අවශ්‍ය වේ. මේ සඳහා ඉඩම් අත්පත් කර ගැනීමක් සිදු කළ යුතු බැවින් ඒ සඳහා යම් කාලයක් ගත විය හැක. ඉඩම් අත්පත් කර ගැනීමට  සාමාන්‍යයෙන් මාස 12ත්, 18ත් අතර කාලයක් යනවා.

 

 

පිළිතුරු දුන් දිනය

2025-11-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks