01

E   |     |  

 දිනය: 2025-10-23   පිළිතුර ලබා දී ඇත 

1344/2025: එඬේරමුල්ල උප දුම්රිය ස්ථානය අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය: විස්තර

1344/2025

ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      කොළඹ-රඹුක්කන ප්‍රධාන දුම්රිය මාර්ගයේ, එඬේරමුල්ල උප දුම්රිය ස්ථානයේ, දුම්රිය වේදිකාව හා ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් 2018 වර්ෂයේදී සිදු කර ඇති බව දන්නේද;

  (ii)  ඒ සඳහා වැය කර ඇති මුළු මුදල කොපමණද;

  (iii)  එහිදී නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කර තිබේද;

  (iv)  ඊට අදාළ කොන්ත්‍රාත්කරු කවුරුන්ද;

  (v)  ඒ සඳහා තාක්ෂණික සහාය සහ අධීක්ෂණය කරන ලද ආයතන කවරේද;

  (vi)  මේ වනවිට අනතුරුදායක තත්ත්වයක පවතින තෙවන වේදිකාව සංවර්ධනය කිරීම සහ අබලන් තත්ත්වයේ පවතින ප්‍රධාන ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම ඉහත ව්‍යාපෘතියට ඇතුළත්ව තිබුණේද;

  (vii)  ඉහත ව්‍යාපෘතියේ අරමුණ සාක්ෂාත්වී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-23

අසන ලද්දේ

ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      රු.28,342,878.39)

             (iii)      ඔව්.

             (iv)      රෝයල් කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගම.

              (v)      ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය හා බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය.

             (vi)      නැත.

            (vii)      ඔව්, අරමුණ සාක්ෂාත් වී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර දුම්රිය වේදිකා ඉතා පහතින් පැවතීම නිසා මගීන් දැඩි අපහසුතාවට පත් වූ අතර, දුම්රිය වේදිකාවන්හි උස වැඩි කිරීමත් සමඟ ඉතා පහසුවෙන් දුම්රියට නැඟීමට හා බැසීමට මගීන්ට අවස්ථාව ලැබී ඇත.

ඒ අනුව මෙම ව්‍යාපෘතියේ අරමුණ සාක්ෂාත් වී ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-10-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks