පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1343/2025
ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගාල්ල- මාදම්පේ ප්‍රධාන මාර්ගයේ, රත්නපුර දිසාවට හැරෙන දෙනියාය, 51 හන්දියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉඩමක් තිබේද;
(ii) එසේ නම්, එම ඉඩමේ වර්තමාන තත්ත්වය සහ භාවිතා කරනු ලබන කාර්යය කවරේද;
(iii) මීට පෙර ඉහත ඉඩමේ ඉන්ධන පිරවුම්හලක් පිහිටුවා තිබූ අතර මේ වනවිට එය වසා දමා ඇති බව දන්නේද;
(iv) එය වසා දැමීමට හේතුවූ කරුණු කවරේද;
(v) එම ඉඩමේ නව ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබේද;
(vi) එම ඉන්ධන පිරවුම් හල කඩිනමින් ඉදිකිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-21
අසන ලද්දේ
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ප්‍රාදේශීය ලේකම් විසින් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දෙන ලද ඉඩමක් සංස්ථාව සතුව පවතී.
(ii) එම ඉඩමෙහි බෙදුම්පළක් පැවැති අතර, එය 2019.07.18 දින සිට ක්‍රියාත්මක නොවේ. දැනට එම ඉඩමෙහි බෙදුම්පළ ගොඩනැඟිලි හා භූගත තඩාගයක් පවතී.
(iii) ඔව්. පිරවුම්හල 2019.07.18 දින සිට වසා ඇත.
(iv) පැවැති බෙදුම්කාරිත්වය සංස්ථා ගිවිසුම්වලට පටහැනිව තෙවන පාර්ශ්වයක් වෙත පැවරීමට අදාළව ලැබුණු තොරතුරු මත, ප්‍රාදේශීය කළමනාකාර (දකුණ) විසින් විමර්ශන අංශය වෙත 2019.01.07 දිනැති ලිපිය මඟින් පැමිණිලි කිරීමෙන් පසු විමර්ශනය කර වසා දමා ඇත.
මෙහි බෙදුම්කාරිත්වය දැරූ කේ.කේ. හෙට්ටිආරච්චි මහත්මිය මියගිය බව දැනගත් පසු ප්‍රාදේශීය කළමනාකාර (දකුණ) විසින් ප්‍රදේශයේ අදාළ ග්‍රාම නිලධාරි වෙතින් ඒ බව සනාථ කරගෙන ඇති අතර, 2021.01.05 දිනැති ලිපිය මඟින් ඒ සම්බන්ධව සංස්ථාව වෙත දන්වා ඇත.
(v) පාලනාධිකාරියේ තීරණයක් අනුව ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කරමින් පවතී.
(vi) පාලනාධිකාරිය ගනු ලබන ඉදිරි තීරණ මත සිදු වේ.
(ආ) සංස්ථා පාලනාධිකාරිය ගනු ලබන තීරණ මත සිදු වේ.
පිළිතුරු දුන් දිනය
2025-10-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks