E   |     |  

 පිළිතුර ලබා දී ඇත 

1343/ 2025 - ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1343/2025

      ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)        (i)       මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගාල්ල- මාදම්පේ ප්‍රධාන මාර්ගයේ, රත්නපුර දිසාවට හැරෙන දෙනියාය, 51 හන්දියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉඩමක් තිබේද;

      (ii) එසේ නම්, එම ඉඩමේ වර්තමාන තත්ත්වය සහ භාවිතා කරනු ලබන කාර්යය කවරේද;

      (iii) මීට පෙර ඉහත ඉඩමේ ඉන්ධන පිරවුම්හලක් පිහිටුවා තිබූ අතර මේ වනවිට එය වසා දමා ඇති බව දන්නේද;

      (iv) එය වසා දැමීමට හේතුවූ කරුණු කවරේද;

      (v) එම ඉඩමේ නව ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබේද;

      (vi) එම ඉන්ධන පිරවුම් හල කඩිනමින් ඉදිකිරීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-10-21

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks