01

E   |     |  

 දිනය: 2025-11-12   පිළිතුර ලබා දී ඇත 

1323/2025: Accessibility of University Programmes for Special Need Students

1323/2025

ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා,—  අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)          (i)      ආබාධ සහිත සිසුන්ට සිය පාඨමාලාවන් හැදෑරීම සඳහා පහසුකම් රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබේද;

              (ii)      බ්‍රේල් මාධ්‍යය, සංඥා භාෂාව සහ විශාලනය කරන ලද අකුරු ඇතුළු වෛකල්පිත සන්නිවේදන මාධ්‍යය ප්‍රවර්ධනය කිරීමට ප්‍රමාණවත් පියවර ගෙන තිබේද;

  (iii)  නොඑසේ නම්, ඒ සඳහා ‍ගනු ලබන පියවර කවරේද;

  (iv)  විභාගවලට පෙනී සිටීමේදී ආබාධ සහිත සිසුන්ට ලබාදී ඇති පහසුකම් කවරේද;

  (v)  විභාගවලදී ඒ ඒ ආබාධිත තත්ත්වයන්ට සාපේක්ෂව ආබාධිත සිසුන්ට සාධාරණ අවස්ථා නිර්මාණයවී තිබේද;

  (vi)  පරිගණක ආශ්‍රයෙන් විභාගවලට පිළිතුරු සැපයීමට සෑම විශ්වවිද්‍යාලයකදීම ආබාධ සහිත සිසුන්ට අවස්ථාව ලැබෙන්නේද;

  (vii)    ආබාධ සහිත සිසුන්ට පුස්තකාල පරිශීලනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  ආබාධ සහිත සිසුන් සඳහා ප්‍රමාණවත් ප්‍රවේශ පහසුකම් රජයේ විශ්වවිද්‍යාලවල තිබේද;

  (ii)  නොඑසේ නම්,  ප්‍රවේශ පහසුකම් පුළුල් කිරීමට පියවර ගන්නේද;

  (iii)  ඒ වෙනුවෙන් 2026 වර්ෂයට අදාළ අයවැය තුළින් ප්‍රතිපාදන වෙන් කරන්නේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-12

අසන ලද්දේ

ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks