E   |     |  

 පිළිතුර ලබා දී ඇත 

1315/ 2025 - ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1315/2025

      ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       වවුනියාව, පූන්තෝට්ටම් ප්‍රදේශයේ අංක 1458 යටතේ ලියාපදිංචි කර්මාන්තපුර‍යක් ඇති බවත්;

                    (ii)       එහි සමහර ඉඩම් කැබලි වල් බිහිවී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) එම කර්මාන්තපුර‍යේ ඇති මුළු ඉඩම් කැබලි සංඛ්‍යාව කොපමණද;

      (ii) එම ඉඩම් කැබලි අතරින් ව්‍යවසායකයන්ට ලබාදී ඇති සහ මේ දක්වා ව්‍යවසායකයන්ට ලබාදී නොමැති ඉඩම් කැබලි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) මේ වනවිට ව්‍යවසායකයන්ට ලබාදී ඇති ඉඩම් අදාළ අරමුණු සඳහා භාවිතා කරන්නේද;

      (iv) ව්‍යවසායකයන්ට ලබාදී ඇති නමුත්, මේ දක්වා භාවිතයට ගෙන නොමැති ඉඩම් කැබලි වෙනත් ව්‍යවසායකයන්ට ලබා දිය හැකිද;

      (v) එසේ නම්, එලෙස ලබා දිය හැකි ඉඩම් කැබලි සංඛ්‍යාව කොපමණද;

      (vi) ස්වකී‍ය අරමුදල් යොදා ගනිමින් එම කර්මාන්තපුර‍ය විසින් අවසන්වරට ක්‍රි‍යාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන කව‍රේද;

      (vii) එම කර්මාන්තපුර‍ය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-11-11

අසන ලද්දේ

ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks