පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1315/2025
ගරු කේ. කාදර් මස්තාන් මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වවුනියාව, පූන්තෝට්ටම් ප්‍රදේශයේ අංක 1458 යටතේ ලියාපදිංචි කර්මාන්තපුරයක් ඇති බවත්;
(ii) එහි සමහර ඉඩම් කැබලි වල් බිහිවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම කර්මාන්තපුරයේ ඇති මුළු ඉඩම් කැබලි සංඛ්‍යාව කොපමණද;
(ii) එම ඉඩම් කැබලි අතරින් ව්‍යවසායකයන්ට ලබාදී ඇති සහ මේ දක්වා ව්‍යවසායකයන්ට ලබාදී නොමැති ඉඩම් කැබලි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මේ වනවිට ව්‍යවසායකයන්ට ලබාදී ඇති ඉඩම් අදාළ අරමුණු සඳහා භාවිතා කරන්නේද;
(iv) ව්‍යවසායකයන්ට ලබාදී ඇති නමුත්, මේ දක්වා භාවිතයට ගෙන නොමැති ඉඩම් කැබලි වෙනත් ව්‍යවසායකයන්ට ලබා දිය හැකිද;
(v) එසේ නම්, එලෙස ලබා දිය හැකි ඉඩම් කැබලි සංඛ්‍යාව කොපමණද;
(vi) ස්වකීය අරමුදල් යොදා ගනිමින් එම කර්මාන්තපුරය විසින් අවසන්වරට ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන කවරේද;
(vii) එම කර්මාන්තපුරය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-11
අසන ලද්දේ
ගරු කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වවුනියාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ අක්කර 10ක භූමි භාගයක පූන්තෝට්ටම් කර්මාන්තපුරයක් ඉදි කර ඇත. (පිඹුරුපත් අංක 66) එම කර්මාන්තපුරයේ 1452 සිට 1509 දක්වා ලකුණු කරන ලද බිම් කොටස් 65කින් සමන්විත වී ඇත. ඒ අනුව 1458 යනු පූන්තෝට්ටම් කර්මාන්තපුරයේ ඇති එක් බිම් කොටස් කැබැල්ලක අංකයකි.
(ii) කර්මාන්තපුරයක් ආරම්භයේදී එම භූමියේ කැලෑ ප්‍රදේශය සම්පූර්ණයෙන් එළි පෙහෙළි කර ඉඩම් කට්ටි කිරීම සිදු කරනු ලබන අතර, එසේ එළි පෙහෙළි කරන ලද ඉඩම් කොටස් නව ආයෝජකයින්ට ලබා දීම සිදු කරනු ලබයි. දැනට හිස්ව පවත්නා ඉඩම් කොටස්වල හා කර්මාන්ත සිදු නොකරන ඉඩම් කොටස්වල වල් බිහිවීමක් සිදු වුවද, එම ඉඩම් කොටස් නව ආයෝජකයින්ට ලබා දීමෙන් අනතුරුව ඔවුන් විසින් එළි පෙහෙළි කර ගනු ඇත. එසේම කර්මාන්තය පවත්වාගෙන යනු ලබන කර්මාන්ත හිමියන්ගේ ඉඩම් කොටස්වල පවා විශාල පරිමාණයේ ගස් සෙවණ සඳහා ඉතුරු කර ඇත. ඊට අමතරව කර්මාන්තපුරයේ මාර්ගය දෙපස ඇති තණ කොළ කපා මසකට වරක් පිරිසිදු කිරීම සිදු කරනු ලබයි.
(ආ) (i) පූන්තෝට්ටම් කර්මාන්තපුරය ඉඩම් කැබලි 65කින් සමන්විත වේ.
(ii) කර්මාන්ත හිමියන් 19දෙනෙකු සඳහා මේ වනවිට ඉඩම් කොටස් 50ක් ලබා දී ඇති අතර, තවත් ඉඩම් කොටස් 13ක් හිස්ව පවතී. කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ කටයුතු සඳහා ඉඩම් කොටස් 02ක් වෙන් කර ඇත.
(iii) මේ වනවිට පූන්තෝට්ටම් කර්මාන්තපුරයේ ඉඩම් කොටස් ලබා දුන් කර්මාන්ත හිමියන් 03දෙනෙකු හැරෙන්නට ඉතුරු සියලු කර්මාන්ත හිමියන් සාර්ථකව කර්මාන්ත පවත්වාගෙන යනු ලබයි.
(iv) පූන්තෝට්ටම් කර්මාන්තපුරයේ ඉඩම් කොටස් ලබා දුන් ව්‍යවසායකයින් අතරින් ව්‍යාපාර කටයුතු සිදු නොකරන කර්මාන්ත හිමියන්ට අයත් ඉඩම් කොටස් අවලංගු කර නව ව්‍යවසායකයින්ට ලබා දීමේ හැකියාව ඇත. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
(v) දැනට හිස්ව පවතින ඉඩම් කැබලි 13 නව ව්‍යවසායකයින්ට ලබා දීම සිදු කළ හැක. ඊට අමතරව දැනට කර්මාන්ත නොකරන කර්මාන්ත හිමියන් කිහිපදෙනෙකුගේ ඉඩම් කොටස් අවලංගු කර නව ව්‍යවසායකයින්ට ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
(vi) පූන්තෝට්ටම් කර්මාන්තපුරයේ අවසන් වරට සංවර්ධන වැඩසටහන සිදු කරනු ලැබුවේ 2020 හා 2021 වර්ෂ තුළදීය.
කර්මාන්ත ජනපදයේ නිෂ්පාදන කටයුුතු සඳහා ප්‍රමාණවත් විදුලි ධාරිතාවක් නොමැති ගැටලුවට පිළියමක් ලෙස 2020 වර්ෂයේදී 400KVA නව තාරාපැවියක් -transformer- මිලියන 2.5ක වියදමක් දරා සවි කරන ලදී.
එසේම 2021 වසර තුළදී කර්මාන්තපුරයේ මායිම් වැට ඉදිකිරීම මිලියන 2.5ක වියදමකින් සිදු කරන ලදී.
(vii) පූන්තෝට්ටම් කර්මාන්තපුරයේ උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින අතර දැනට පවතින හිස් බිම් කොටස් කැබලි 13 සඳහා ද නව කර්මාන්තකරුවන් 03දෙනෙකු ඉල්ලුම් කර ඇති බැවින් ඔවුන්ටද හිස් බිම් කොටස් පවරා දීමෙන් අනතුරුව කර්මාන්තපුරය උපරිම ධාරිතාව කරා ළඟා වීමට හැකියාව පවතී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks