01

E   |     |  

 දිනය: 2025-11-12   පිළිතුර ලබා දී ඇත 

1312/2025: 2015-2023 දක්වා වී සඳහා අවම ස්ථාවර මිල: විස්තර

1312/2025

ගරු සුදත් බලගල්ල මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      වර්ෂ 2015 සිට 2023 දක්වා රජය විසින් වී කිලෝ එකක් මිලදී ගැනීම සඳහා නියම කරන ලද අවම මිල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

              (ii)        මේ වනවිට වී අලෙවි මණ්ඩලය සතු, වී ප්‍රවාහනය කළ හැකි ලොරි රථ සංඛ්‍යාව කොපමණද;

  (iii)  මේ වනවිට වී අලෙවි මණ්ඩලය සතු, වී මෝල් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-12

අසන ලද්දේ

ගරු සුදත් බලගල්ල මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(ii) ලොරි රථ 01යි.

             (iii)      වී මෝල් නොමැත.

 

(ආ)      (අ) ප්‍රශ්නයේ (iii) වන කොටසට අදාළව වී අලෙවි මණ්ඩලය මඟින් වී තොග සහල් කිරීමේ අවශ්‍යතාවක් ඇති වූ අවස්ථාවල සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මඟින් සිදු කරනු ලැබේ.

පිළිතුරු දුන් දිනය

2025-11-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks