පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1308/2025
ගරු චන්දන සූරියආරච්චි මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අවිස්සාවේල්ල නගරයට ආසන්නව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් කෞතුකාගාරයක් තිබෙන බව දන්නේද;
(ii) එය ඉදිකරන ලද දිනය කවරේද;
(iii) ඒ සඳහා වියදම් කරන ලද මුළු මුදල කොපමණද;
(iv) එහි සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) කෞතුකාගාරය ඉදිකර ඇති ඉඩම රජයට අයත් ඉඩමක්ද;
(vi) එසේ නම්, ඒ සම්බන්ධයෙන් විස්තර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත කෞතුකාගාරය සතු කෞතුක භාණ්ඩ සංඛ්‍යාව කොපමණද;
(ii) එම කෞතුක භාණ්ඩ අයත් කාල වකවානු කවරේද;
(iii) මෙම කෞතුකාගාරය ආදායම් උපයන්නේද;
(iv) එසේ නම්, විවෘත කරන ලද දිනයේ සිට මේ දක්වා උපයන ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-09
අසන ලද්දේ
ගරු චන්දන සූරියආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අවිස්සාවේල්ල නගරයට ආසන්නව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් කෞතුකාගාරයක් නොමැති අතර, එම ස්ථානයේ පවත්වාගෙන යන කෞතුකාගාරයක් තිබෙනවා. එම කෞතුකාගාරය පවත්වාගෙන යනු ලබන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින්.
ගරු කථානායකතුමනි, එම නිසා ගරු මන්ත්‍රීතුමා විසින් අසා තිබෙන අනෙකුත් ප්‍රශ්න සඳහා පිළිතුර අදාළ නොවන බව තමයි ප්‍රකාශ කරන්න තිබෙන්නේ. එනමුත්, ගරු මන්ත්‍රීතුමා මෙම ප්‍රශ්නය ඉදිරිපත් කිරීමෙන් අපේක්ෂා කළ අරමුණ වෙනුවෙන් පිළිතුරක් ලබා දීමට මා බලාපොරොත්තු වනවා.
(ii) එහි ඉදිකිරීම් කටයුත්ත සිදු කරනු ලැබුවේ 2024.05.10වැනි දා. නමුත්, මහජන ප්‍රදර්ශන කටයුතු වෙනුවෙන් එම කෞතුකාගාරය විවෘත කරනු ලැබුවේ 2024.07.21වැනි දා.
(iii) එම කෞතුකාගාරය ගොඩනැඟීම වෙනුවෙන් වියදම් දරලා තිබෙනවා, රුපියල් 14,605,466.68ක්.
(iv) දෛනික රාජකාරි කටයුතුවල සේවකයින් හත්දෙනෙක් නිරත වනවා. එම හත්දෙනා ගැන කිව්වොත්, එහි පුහුණු වන උපාධිධාරිනියක් මූලික කටයුතු වෙනුවෙන් මැදිහත් වනවා. ඊට අමතරව ප්‍රවේශ පත්‍ර අළෙවියට සහ ප්‍රකාශන හා අනුරූ අළෙවිය සඳහා අනියම් කම්කරු සේවිකාවක් යොදවා තිබෙනවා. එහි පවිත්‍ර කටයුතු වෙනුවෙන් පුද්ගලයන් දෙදෙනෙකුත්, ආරක්ෂක කටයුතු වෙනුවෙන් පුද්ගලයන් තිදෙනෙකුත් යොදවා තිබෙනවා. කොන්ත්‍රාත් පදනම මත තමයි ඔවුන් යොදවා තිබෙන්නේ. ඒ අනුව දෛනික රාජකාරිවල යෙදෙන පිරිස සංඛ්‍යාත්මකව ගත්තොත් හත්දෙනෙක්.
(v) පැහැදිලිවම එම ස්ථානය ගොඩනැංවීම සඳහා එම ඉඩම පවරාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින්.
(vi) ඒ වාගේම මෙය පවරාගෙන තිබෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලට. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මැදිහත්වීමෙන් තමයි කෞතුකාගාරය පවත්වාගෙන යන්නේ.
(ආ) (i) ඇමුණුම 01 මඟින් දක්වා තිබෙනවා.
එහි සඳහන් වෙනවා, මෙම කෞතුකාගාරය තුළ ඇතුළත් වන කෞතුක භාණ්ඩ ප්‍රමාණය කොයි තරම්ද කියන කාරණය.
(ii) මෙම භාණ්ඩවල කාල නියමයක් සිදු කර නොමැති නිසා කාල වකවානුව කුමක්ද කියන කාරණය පිළිබඳව නිශ්චිතව සටහන් කරන්න බැහැ. ඒ, කාල නියමයක් මේ භාණ්ඩ සම්බන්ධයෙන් නොකරපු නිසා.
(iii) ඔව්. මෙම ප්‍රවේශපත් අළෙවි කිරීම හරහා කෞතුකාගාරයට එන සංචාරකයන්ගෙන් ආදායම් උත්පාදනයක් සිදු වෙනවා. ඒ ආදායම් උපදවන ආකාරය සම්බන්ධයෙන් විස්තර ඇමුණුම 02, 03, 04 සහ 05 මඟින් දක්වා ඇත. ඒ අනුව පසුගිය කාලය තුළ මෙහි ලැබූ ආදායම රුපියල් 233,820ක් හැටියට සඳහන් වෙනවා. ඒ වාගේම පසුගිය වර්ෂය තුළ රුපියල් 205,920ක් විධියට මෙහි ආදායම් පෙන්වා තිබෙනවා.
(iv) විශේෂයෙන් 2024 වර්ෂයේ තමයි මෙය ආරම්භ කරනු ලැබුවේ. මා පෙර සඳහන් කළේ 2024 වර්ෂයට සහ 2025 වර්ෂයට අදාළව මේ කෞතුකාගාරය හරහා ලබන ලද ආදායම්.
(ඇ) මේ සඳහාත් කියන්න තිබෙන්නේ මේකයි. අවිස්සාවේල්ල නගරයට ආසන්නයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් කෞතුකාගාරයක් නොමැත. එහෙත් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් පවත්වාගෙන යනු ලබන කෞතුකාගාරයක් තිබෙනවා.
ඇමුණුම් 01, 02, 03, 04 සහ 05 සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2025-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගමගෙදර දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks