පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1296/2025
ගරු නිමල් පලිහේන මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර, පහළ යාං ඔය ව්‍යාපෘතිය ආරම්භ කරන ලද වර්ෂය කවරේද;
(ii) එම ව්‍යාපෘතියට මුදල් වෙන් කරන ලද මූලාශ්‍රය කවරේද;
(iii) වෙන් කරන ලද මුදල කොපමණද;
(iv) ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන ප්‍රදේශ කවරේද;
(v) ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරනු ලැබුවේද;
(vi) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(vii) ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන්වන පවුල් සංඛ්‍යාව සහ ඔවුන්ට අයත් ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම පවුල් පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගෙන තිබේද;
(iii) එසේ නම්, එම ඉඩම් කවරේද;
(iv) අවතැන්වන පවුල් ඉවත් කිරීමේ ක්‍රමවේදය කවරේද;
(v) අවතැන්වූ එහෙත් මේ වනතෙක් වන්දි ලබා නොදුන් පවුල් සිටින්නේද;
(vi) ඔවුන්ට වන්දි ලබා දීම ප්‍රමාද වීමට හේතු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-09
අසන ලද්දේ
ගරු නිමල් පලිහේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2013.06.20.
(ii) ශ්‍රී ලංකා ජනරජය.
(iii) රුපියල් මිලියන 48,355.30කි.
(iv) වම් ඉවුරු ඇළ මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඕමාරකඩ, ඉස්සන්වැව, සිවලාකුලම, උස්ගල්පිටිය, කුඹුක්වැව සහ පදවිය ජලාශය යටතේ ඇති ජයන්තිවැව යටතේ වගා කරන ප්‍රදේශවලට ජලය සපයනවා.
දකුණු ඉවුරු ඇළ මඟින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මහසොරොව්ව, ඉන්දුල්හිටියව, තල්ගස්වැව, මොරගම, බෙල්ලික්කදවල, මයිලවැව, ආඩියාගල, නබඩවැව, වෙහෙරවැව සිට නීලපනික්කම් කුලම් ආදී ප්‍රදේශ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රිකක්යේ පුල්මුඩේ අමුණ යටතේ ඇති වගා බිම් ප්‍රදේශවලට ජලය සපයනවා.
(v) සහ(vi) ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇත. එම ශක්‍යතා අධ්‍යයනය සිදු කර තිබෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින්.
(vii) මෙම ප්‍රශ්නයෙන් ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත දිනය ගැන අසා තිබෙනවා. මේවා දිගින් දිගට කල්ගත වුණු ප්‍රශ්න සහගත, පැටලිලි තිබෙන ව්‍යාපෘති. අපි 2025.12.31 දක්වා දිනය දීර්ඝ කළා. නමුත් මේ තිබෙන වැඩ කටයුතු ඉවර කර ගැනීම සඳහා ව්‍යාපෘති කාලය 2026.12.31 දක්වා දීර්ඝ කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් යොමු කර තිබෙනවා.
(ආ) (i) යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ ඉඩම් අත්පත් කිරීම, ඉඩම් කට්ටි ගණන අනුව පහත පරිදි සිදු කර ඇත.
• ජලාශය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
අත්පත් කරගත් මුළු ඉඩම් කට්ටි ගණන |
රජයට අයත් කට්ටි ගණන |
වන්දි ලබා දිය යුතු කට්ටි ගණන |
|
හොරොව්පොතාන |
3153 |
421 |
2699 |
|
ගෝමරන්කඩවල |
1232 |
310 |
922 |
• වම් ඉවුර ඇළ සඳහා ඉඩම් අත්පත් කර ගැනීම
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
අත්පත් කරගත් මුළු ඉඩම් කට්ටි ගණන |
රජයට අයත් කට්ටි ගණන |
වන්දි ලබා දිය යුතු කට්ටි ගණන |
|
කැබිතිගොල්ලෑව |
103 |
50 |
53 |
|
හොරොව්පොතාන |
170 |
73 |
97 |
|
පදවිය |
477 |
112 |
365 |
|
ශ්‍රී පුර |
13 |
0 |
13 |
ඒ අතරින් පහත පරිදි ජලාශය ඉදිකිරීම සඳහා පදිංචි වී සිටි නිවාස අත්පත් කර ගැනීම සිදුකර ඇත.
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
පවුල් සංඛ්‍යාව |
|
හොරොව්පොතාන |
102 |
|
ගෝමරන්කඩවල (කජු වත්ත හා මල් පෝරුව) |
201 |
මෙම ඉඩම් අත්පත් කර ගැනීම ඉඩම් අත්පත් කර ගැනීමේ සාමාන්‍ය ක්‍රියාවලිය යටතේ සිදු කර ඇති අතර, ඒ සඳහා තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ලද තක්සේරු වටිනාකම ගෙවා ඇත.
ඊට අමතරව ඉඩම් අමාත්‍යාංශ චක්‍රලේඛ 1/2016 අනුව ලබා දිය යුතු දීමනා සහ විකල්ප ඉඩම් එම පවුල් සඳහා ලබා දී ඇත.
(ii) එම පවුල් පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගෙන තිබේ.
(iii) අවතැන් පවුල් නැවත පදිංචි කිරීම සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරු ඉඩම් සඳහා කොහොඹගස් වැව ප්‍රදේශයත්, ගොඩ ඉඩම් සඳහා මල්පොරුව සහ කජුවත්ත ප්‍රදේශත් හඳුනා ගෙන තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරු ඉඩම් සඳහා ඉස්සන්වැව ප්‍රදේශයත්, ගොඩ ඉඩම් සඳහා D 6 වාහල්කඩ ප්‍රදේශයත් හඳුනාගෙන තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරු ඉඩම් සඳහා ඕමාරකඩ වැව ප්‍රදේශයත්, ගොඩ ඉඩම් සඳහා ඕමාරකඩ ප්‍රදේශයත් හඳුනාගෙන තිබෙනවා.
(iv) ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රමවේදය අනුව තක්සේරු වටිනාකම මුදලින් ගෙවීම සිදු කර ඇත.
ඊට අමතරව ඉඩම් අමාත්‍යාංශ 1/2016 චක්‍රලේඛයට අනුව අනෙකුත් දීමනා සහ විකල්ප ඉඩම් ලබා දීම සිදු කර ඇත.
(v) ගොඩ සහ මඩ ඉඩම් අත්පත් කරගත් මේ දක්වා වන්දි නොගෙවූ ඉඩම් කට්ටි තිබේ. එහෙත් පදිංචි ඉඩම් අත්පත් කරගත් පවුල් සඳහා සියලු ගෙවීම් සිදු කර ඇත.
ගරු කථානායකතුමනි, ඒ ප්‍රදේශවල ජනතාවට විශාල ගැටලුවක් තිබෙනවා. නිවාස යටවෙච්ච කට්ටියට ඉඩම් දීලා තිබෙනවා. නමුත් ගොඩ සහ මඩ ඉඩම්වලට විකල්ප ඉඩම් ලබා දීමේදී ගැටලුවක් තිබෙනවා. ඒ නිසා මම මේ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරන්නම්. මෙතැන ඒ ගැන විස්තරයක් තිබෙනවා.
• ජලාශයට යට වූ ඉඩම් සඳහා පූර්ණ වන්දි ගෙවීමට ඉතිරිව ඇති කට්ටි ගණන:
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ජලාශය යටතේ |
|
හොරොව්පොතාන |
28 |
|
ගෝමරන්කඩවල |
23 |
|
එකතුව |
51 |
• වම් ඉවුරු ඇළ සඳහා පූර්ණ වන්දි ගෙවීමට ඉතිරිව ඇති කට්ටි ගණන:
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
වම් ඉවුර ඇළ යටතේ |
|
හොරොව්පොතාන |
03 |
|
කැබිතිගොල්ලෑව |
0 |
|
පදවිය |
17 |
|
ශ්‍රී පුර |
02 |
|
එකතුව |
22 |
විකල්ප ඉඩම් ලබා දීම, 1/2016 චක්‍රලේඛය අනුව:
යාන් ඔය වයාපෘතියේ දැනට පවතින ගැටලුව, මෙම විකල්ප ඉඩම් ලබා දීමේ ප්‍රමාදයයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සියලුම පවුල් වෙත විකල්ප ඉඩම් ලබා දී ඇත. එහි විස්තර පහත පරිදිය.
විකල්ප ඉඩම් ලබා දීමේ ප්‍රමාදයක් තිබෙනවා. ඒ ප්‍රමාදයත් සමඟ විකල්ප ඉඩම් ලබා දී තිබෙන්නේ මේ විධියටයි.
|
කුඹුරු ඉඩම් ලබා දීම |
ගොඩ ඉඩම් ලබා දීම |
||
|
කොහොඹගස් වැව |
106 |
කජු වත්ත |
91 |
|
ඉඳුල්හිටියාව |
151 |
මල්පෝරුව |
110 |
|
මෝරගම |
208 |
|
|
|
මුළු ගණන |
465 |
|
201 |
ගස් ඉවත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ඉඳුල්හිටියාවේ කුඹුරු ඉඩම් 40ක් මේ වන විට සංවර්ධනය කරමින් පවතී.
අනුරාධපුර දිස්ත්‍රික්ය (හොරොව්පොතාන ප්‍රාදේශී ලේකම් කොට්ඨාසය)
• ජලාශය සඳහා
විකල්ප කුඹුරු ඉඩම් ලබා දිය යුතු පවුල් ගණන - 1,113කි.
දැනට ලබා දී ඇති පවුල් ගණන - 56 (ඕමාරකඩ)
- 403 (ඉස්සන්වැව)
විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට වන්දි මුදල් ලද පවුල් ගණන - 536යි.
විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට වන්දි ඉල්ලා සිටින පවුල් ගණන - 127යි.
අදාළ තහවුරු කිරීම් සහ අනුමැතින් ලබා ගැනීමෙන් අනතුරුව මෙම ගැටලුව විසඳිය හැක.
වම් ඉවුරු ඇළ මාර්ගය සඳහා
අමාත්‍ය මණ්ඩල අනුමැතියකට අනුව විකල්ප කුඹුරු වෙනුවට තක්සේරු වටිනාකම ලබා දී මෙම ගැටලුව විසඳා ඇත.
(vi) තක්සේරු වාර්තා ප්‍රාදේශිය ලේකම් වෙත නොලැබුණු ඉඩම් කට්ටි සඳහා වන්දි ගෙවීම් ප්‍රමාද වී ඇත. හිමිකම් නිවැරදිව නිශ්චය කිරීම ප්‍රමාද වීම හේතුවෙන් වන්දි මුදල් ලබා දීම ප්‍රමාද වී ඇත.
(ඇ) ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks