පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1286/2025
ගරු තිලංක යූ. ගමගේ මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති මධ්‍යම රජයේ හා පළාත් සභා රෝහල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම එක් එක් රෝහලේ නම සහ ශ්‍රේණිගත කර ඇති රෝහල් කාණ්ඩය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) බද්දේගම දිස්ත්‍රික් රෝහලේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අධීක්ෂණයක් සිදු කර තිබේද;
(iv) එම රෝහලේ පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථානවල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දත්ත හා තොරතුරු පද්ධතියක් තිබේද;
(ii) එසේ නම්, එම මධ්‍යස්ථානවල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-09
අසන ලද්දේ
ගරු තිලංක යූ. ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
මධ්‍යම රජයේ රෝහල් |
|
|
ජාතික රෝහල් |
01 |
|
ශික්ෂණ රෝහල් |
01 |
|
පළාත් සභා රෝහල් |
|
|
A වර්ගයේ මූලික රෝහල් |
03 |
|
A වර්ගයේ ප්‍රාදේශීය රෝහල් |
02 |
|
B වර්ගයේ ප්‍රාදේශීය රෝහල් |
08 |
|
C වර්ගයේ ප්‍රාදේශීය රෝහල් |
11 |
|
ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක - PMCU - |
25 |
|
එකතුව |
51 |
(ii) ඇමුණුම 01 මඟින් දක්වා ඇත.
(iii) ඔව්.
බද්දේගම දිස්ත්‍රික් රෝහලේ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා 2025.09.01 දින දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, බද්දේගම ප්‍රාදේශීය සභා සභාපති සහ ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කරන ලදී.
(iv) ඔව්.
පවතින ගැටලු හා අඩුපාඩු සම්බන්ධව ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමට ගාල්ල දිස්ත්‍රික් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙත වගකීම් පවරා ඇත. ඒවා මොනවාද කියන එක ඇමුණුම 02 මඟින් දක්වා තිබෙනවා. ඇමුණුම 02 සභාගත* කරනවා.
(ආ) (i) ඔව්.
(ii) රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, ක්ෂේත්‍ර සෞඛ්‍ය සායන මධ්‍යස්ථාන ඇතුළු සියලු සෞඛ්‍ය ආයතන සිතියම් ගත කර ඇති අතර, එම සෞඛ්‍ය මධ්‍යස්ථානවල සංයුතිය හා ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත්භාවය පවතී. මේ සියල්ල දත්ත පද්ධතියකට ගොනු කර තිබෙනවා.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-10-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks