01

E   |     |  

 දිනය: 2025-10-07   පිළිතුර ලබා දී ඇත 

1282/2025: ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්: කළුතර දිස්ත්‍රික්කය

1282/2025

ගරු ධනුෂ්ක රංගනාත් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කළුතර දිස්ත්‍රික්කයේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු සියලුම ඉඩම් නිශ්චිතව වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන තිබේද;

              (ii)       එසේ නම්, ඒවා අතරින් මේ වනවිට භාවිතයට නොගන්නා, නමුත් 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව භාවිතයට ගැනීමට හැකියාවක් ඇති ඉඩම් ප්‍රමාණය සහ ඒවායේ වර්තමාන හිමිකමේ ස්වභාවය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම ඉඩම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) කළුතර දිස්ත්‍රික්කයේ, කොමිෂන් සභාව සතු සියලුම ඉඩම් සඳහා හිමිකම් පත්‍ර සහ පිඹුරු පත්‍ර ලබාදී තිබේද;

(ii) එසේ නම්, ඒවායේ වලංගු කාලය කොපමණද;

(iii) ඉඩම් නොමැති හෝ නැවත පදිංචි කරන පුද්ගලයන් සඳහා කොමිෂන් සභාවේ ඉඩම් නිදහස් කිරීමට හැකිද;

(iv) එසේ නම්, ඊට අදාළ ක්‍රියාපටිපාටිය කවරේද;

(v) බදු පදනම මත ලබාදී ඇති කොමිෂන් සභාවේ ඉඩම්, අදාළ අරමුණ වෙනුවෙන් භාවිතා කර නොමැති නම්, නැවත පවරා ගැනීමට හැකිද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-07

අසන ලද්දේ

ගරු ධනුෂ්ක රංගනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතේ විධිවිධාන ප්‍රකාරව ඉඩම් පවරා ගැනීමේදී පැවරී ඇති සියලු ඉඩම් මැනුම් කිරීමකින් තොරව පැවරී ඇත. එසේ හෙයින්, නිශ්චිතව හඳුනා ගැනීමක් සිදු කර නොමැත.

              (ii)     

අනු අංකය

ඉඩමේ නම

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ප්‍රමාණය

වර්තමාන තත්ත්වය

 

 

 

අක්කර

රූඩ්

පර්චස්

 

1

විහාර වත්ත

අගලවත්ත

  09

02

08

වට මැනුම් කර ඇත. කිහිපදෙනෙකු අනවසරයෙන් වගා කරයි.

2

මැද්දෙගෙදර වත්ත

මතුගම

200

00

00

අක්කර 47ක් සඳහා නඩුවක් ඇත. ඉල්ලීම් නැත.

3

ගීකියනකන්ද බටවලකැලේ

බුලත්සිංහල

  06

00

00

අනවසරකරුවන් විසින් මේ වන විට තේ වගා කර ඇත.

4

හෑගල්ල වත්ත

හොරණ

  20

00

00

ගල් සහිත කැලෑ ප්‍රදේශයකි.

5

මඩබොක්කලන් කුඹුරුයාය

මිල්ලනිය

හෙක්ටෙයාර 34

පුරන් වී ඇත.

අඳ ගොවීන් සිටීද යන්න පරීක්ෂා කළ යුතුය.

(iii) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතේ විධිවිධාන හා අනුමත චක්‍රලේඛ පරිදි ඉදිරි කටයුතු සිදු කෙරේ.

(ආ) (i) නැත.

(ii) කොමිෂන් සභාව විසින් බලපත්‍ර ලබා නොදෙන අතර, නේවාසික අරමුණු සඳහා 22(1)(ඇ) වගන්තිය යටතේද, කෘෂිකාර්මික කටයුතු සඳහා 22(1)(අ) වගන්තිය යටතේද සින්නක්කරව පවරා දේ. තවද, තිස් අවුරුදු බදු පදනම මත බදු ගිවිසුම් ලබා දීම සිදු කෙරේ.

(iii) හැකියාවක් පවතී.

(iv) ඉඩම් කච්චේරි ක්‍රමය හරහා සුදුසුකම්ලාභීන් තෝරා ගැනීම, ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රමය යටතේ ප්‍රාදේශීය ‍ලේකම් වෙත පවරා දීම.

(v) හැකියාවක් පවතී.

(ඇ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-10-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks