පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1271/2025
ගරු සුදත් බලගල්ල මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහියංගනය ප්‍රාදේශීය සභාව විසින් පාලනය කරනු ලැබූ සතිපොළ ඉවත් කර එම ස්ථානයේ වෙළෙඳ සංකීර්‌ණයක් ඉදිකර ඇති බව දන්නේද;
(ii) එම වෙළෙඳ සංකීර්‌ණය ඉදිකිරීමට හේතු පාදකවූ කරුණු කවරේද;
(iii) එම වෙළෙඳ සංකීර්‌ණයේ වෙළෙඳ කුටි බෙදා දෙනු ලැබූ පදනම කවරේද;
(iv) එම වෙළෙඳ කුටි ලබා ගත් එක් එක් පුද්ගලයාගේ නම, ලබා ගෙන ඇති වෙළෙඳ කුටි සංඛ්‍යාව සහ ප්‍රාදේශීය සභාවට ගෙවනු ලබන මාසික කුලිය වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) වෙළෙඳ කුටි ලබා ගත් පුද්ගලයන් සමඟ එළඹ ඇති ගිවිසුම අනුව එම වෙළෙඳ සංකීර්ණයේ පූර්‌ණ අයිතිය අදාළ ප්‍රාදේශීය සභාවට අයත් වන දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-08
අසන ලද්දේ
ගරු සුදත් බලගල්ල මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) · 2012.10.22 වන දින මාසික සභා රැස්වීමේදී සතිපොළ භූමිය තුළ පිහිටි කඩ කාමර කඩා ඉවත් කර නව සැලසුමකට අනුව සංවර්ධනය කිරීම සුදුසු බවට මහා සභා සම්මුතියක් ලබා ගැනීම.
(iii) මෙම වෙළඳ සංකීර්ණය ඉදිකිරීම රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්ව - PPP - සංකල්පය යටතේ සිදුකොට ඇති බැවින්, එහි ආයෝජන සිදු කරනු ලැබූ, වෙළඳ සංගමය විසින් ලිඛිතව නම් කර එවන ලද කඩ හිමියන් සමඟ පමණක් මහියංගනය ප්‍රාදේශීය සභාව ගිවිසුම් ගත වී ඇත. වෙළඳ සංකීර්ණයේ වෙළඳ කුටි ලබා දී ඇත්තේ ඒ අනුව වේ.
(iv) ඊට අදාළ පිළිතුර ඇමුණුම 1 මඟින් ඉදිරිපත් කර ඇත.
නම් ටික විතරක් මම පිළිවෙළට කියන්නම්. ආර්.එම්.එන්.එස්. වනිගරත්න මයා, ආර්.එම්.අයි.එල්. රත්නපාල මයා, එච්.පී. ජයන්ත කුමාර මයා, ඩබ්ලිව්.එම්.එස්.එම්. ජයවර්ධන මයා, හැන්කෝ ඉන්වෙස්මන්ට් පුද්ගලික සමාගම. ගැටලුවක් තිබෙනවා, හැන්කෝ ඉන්වෙස්මන්ට් පුද්ගලික සමාගමට වර්ග අඩි 15,780ක් දීලා තිබෙනවා. හැබැයි, තවම මාසික කඩ කුලිය රුපියල් 5,000යි. වර්ග අඩි 150ක් ලබා දුන් කඩ හිමියන්ටත් මාසික කුලිය රුපියල් 5,000යි. ඒ නිසා මේක වෙනස් කර ගන්න අවශ්‍ය වෙනවා.
ජී.පී.එන්.ජී. විජේසිරි මයා, එම්.එම්.පී.ජී.ඩී. බණ්ඩාර මයා, ඩබ්ලිව්.එච්.අයි.ඩී. ජයතිලක මයා, ඩබ්ලිව්.එම්. සුනිල් මයා, ආර්.කේ.එම්. ඥාණතිලක මයා, ආර්.එම්. ගාමිණී උපතිස්ස මයා, එස්.කේ. කසුන් චතුරික ද සිල්වා මයා, යූ.ජී.එන්. ප්‍රදීප් මයා, ඩබ්ලිව්.සී. ආරියසිංහ මිය, වයි.ඒ.එම්.එස්. කුමාරි මිය, ආර්.එම්.සී. බණ්ඩාර මයා, එම්.කේ.පී. කුමාර මයා, එම්.එච්.එම්. පස්ලීන් මයා, ආර්.එම්. අනුලාවතී මිය, එච්.එම්.යූ. ජයසිංහ මයා, පී.ජී.සී. එදිරිසිංහ මයා, කේ.ඩී.ටී.කේ.එච්.එම්. තුසිත කුමාර මයා, ජේ.එම්. ඉන්දික කුමාර මයා, මිහිමඩල විෂන් ලංකා පුද්ගලික සමාගම, ඩබ්ලිව්.ඒ.ජේ.බී. වික්‍රමආරච්චි මයා, එච්.එම්.ඩී.ඒ. දේදුනු මිය, ඩබ්ලිව්.ඒ.ජී.පී. හරිස්චන්ද්‍ර මයා, එන්.එස්. රවිසංකර් මයා, එම්.එම්.එම්.පී.ජී.සී.කේ. මහන්තේ මිය, ඩී.එම්.සී. අරුණ කුමාර දිසානායක මහතා, බී.එම්.ඩබ්ලිව්.කේ. බස්නායක මයා, එම්.ඩී. නදෙන් ප්‍රසන්න මයා, ඩී.එම්.කේ.ඩී. කැළුම් දිසානායක මයා, එම්. ඕෂධී රශ්මිකා මිය, ඊ.ජී. රොහාන් නිශාන්ත එදිරිසිංහ මයා, මිහිමඩල විෂන් ලංකා පුද්ගලික සමාගම.
දෙවන මහල - ඩබ්ලිව්.එම්. සෙනරත් බණ්ඩාර විජේකෝන් මයා, පී.ජී. උදය කුමාර බණ්ඩාර මයා, කේ.එම්. කුසුමා කුලසේකර මිය, රුවන්පුර නන්දන ප්‍රියන්ත මයා, ඉන්දික නිරෝෂන් මුදුන්කොත් මයා, පී.එම්.එච්. චන්ද්‍රසේන බණ්ඩාර මයා, ඊ.කේ.ජී.ආර්.එම්. ශෂින්ද්‍ර රාමනායක මයා, එම්. අනුර ජයලත් මයා, ඒ.එම්. කුලරත්න බණ්ඩා මයා, එස්.එම්.ඒ.කේ. සමරනායක මයා, මිහිමඩල විෂන් ලංකා පුද්ගලික සමාගම.
බිම් මහල අසල - ආර්.කේ.එම්. ඉසුරු මධුශාන් මයා.
ගරු කථානායකතුමනි, මේ පිළිබඳව ප්‍රචාරයක් ගිහින් තිබුණා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ කඩ කාමර ලබාගෙන තිබෙනවාය කියලා. මම මේ නාම ලේඛනය ඉදිරිපත් කළේ ඒකයි. මේ නාම ලේඛනයේ කිසිම තැනක අපේ දිස්ත්‍රික්කය නියෝජනය කරන හෝ ඉන් පිටත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කඩ කාමර ලබාගෙන තිබෙන බවක් සඳහන්ව නැහැ.
මම ඒ ඇමුණුම සභාගත* කරනවා
(v) භූමියේ අයිතිය මහියංගනය ප්‍රාදේශීය සභාව සතු වන අතර, කඩ කාමරවල අයිතිය කඩ හිමියන් ප්‍රාදේශීය සභාව සමඟ බදු පදනම මත ගිවිසුම්ගත වූ දින සිට වසර 25ක කාලයක් සම්පූර්ණ වන දිනය හෝ ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත් එකී දිනය යන දෙකෙන් පළමුවන එළඹෙන දිනයේදී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks