පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1269/2025
ගරු තුරෛරාසා රවිකරන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) රජයේ පාසැල්වල අර්ධ වශයෙන් ඉදිකිරීම් කටයුතු සිදු කර අතහැර දමා තිබෙන ගොඩනැගිලි පවතින බව දන්නේද;
(ii) එම ගොඩනැගිලි සංඛ්‍යාව එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීමට බලපා ඇති ප්‍රධාන හේතු කවරේද;
(iv) ඉහත ගොඩනැගිලි අතරින් 2025 වර්ෂයට අදාළ අයවැය මඟින් වැඩ අවසන් කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති ගොඩනැගිලි සංඛ්‍යාව එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) එම ගොඩනැගිලිවල වැඩ අවසන් කරනු ලබන කාල වකවානුව කවරේද;
(vi) අර්ධ වශයෙන් ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති ගොඩනැගිලි හේතුවෙන් පාසැල් සිසුන්ට හා පාසැල් කාර්ය මණ්ඩලයට අනතුරක් සිදු නොවීමට ගෙන ඇති පූර්ව ආරක්ෂක විධිවිධාන කවරේද;
(vii) ඉහත ගොඩනැගිලි කඩිනමින් හා ආරක්ෂාකාරීව සාදා නිම කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-10
අසන ලද්දේ
ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks