01

E   |     |  

 දිනය: 2025-11-10   පිළිතුර ලබා දී ඇත 

1269/2025: රජයේ පාසල්වල අර්ධ වශයෙන් ඉදිකරන ලද ගොඩනැඟිලි: විස්තර

1269/2025

ගරු තුරෛරාසා රවිකරන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

 (අ)      (i)      රජයේ පාසැල්වල අර්ධ වශයෙන් ඉදිකිරීම් කටයුතු සිදු කර අතහැර දමා තිබෙන ගොඩනැගිලි පවතින බව දන්නේද;

             (ii)      එම ගොඩනැගිලි සංඛ්‍යාව එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීමට බලපා ඇති ප්‍රධාන හේතු කවරේද;

(iv) ඉහත ගොඩනැගිලි අතරින් 2025 වර්ෂයට අදාළ අයවැය මඟින් වැඩ අවසන් කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති ගොඩනැගිලි සංඛ්‍යාව එක් එක් පළාත අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) එම ගොඩනැගිලිවල වැඩ අවසන් කරනු ලබන කාල වකවානුව කවරේද;

(vi) අර්ධ වශයෙන් ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති ගොඩනැගිලි හේතුවෙන් පාසැල් සිසුන්ට හා පාසැල් කාර්ය මණ්ඩලයට අනතුරක් සිදු නොවීමට ගෙන ඇති පූර්ව ආරක්ෂක විධිවිධාන කවරේද;

(vii) ඉහත ගොඩනැගිලි කඩිනමින් හා ආරක්ෂාකාරීව සාදා නිම කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2025-11-10

අසන ලද්දේ

ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)       

පළාත

ගොඩනැඟිලි සංඛ්‍යාව

බස්නාහිර

106

දකුණ

4

මධ්‍යම

38

වයඹ

38

ඌව

08

උතුරු මැද

54

සබරගමුව

94

උතුර

82

නැ‍ඟෙනහිර

44

එකතුව

468

 

 

 

 

 

(iii) මෙහි යම් යම් කර්මාන්ත ඉදිකිරීම් අධීක්ෂණය සිදු කර ඇත්තේ එවකට පැවති "ළඟම පාසල - හොඳම පාසල" ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ සිටි ඉංජිනේරුවන් ඇතුළු තාක්ෂණ කාර්ය මණ්ඩලය වන අතර, 2020 වර්ෂයේදී මෙම ව්‍යාපෘති කළමනාකරණ ඒකකය නව රජය බලයට පත්වීමත් සමඟම වසා දමා ඇත. ඒ හේතුවෙන් මෙම කර්මාන්ත ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ප්‍රමාණවත් තාක්ෂණික කාර්ය මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශය සතු නොවුණු අතර ඇතිවුණු කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ද ව්‍යාපෘති කාලය තුළ වැඩ අවසන් කිරීමට නොහැකි විය.

ඉන් අනතුරුව රට තුළ පැවති ආර්ථික අර්බුදය ‍හමුවේ ද මෙම ඉදිකිරීම් තාවකාලිකව නතර කර තිබූ අතර නැවත මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කළද ගිවිසුම්ගත මිල ගණන් යටතේ එම වැඩ ඉටු කිරීමට කොන්ත්‍රාත්කරුවන් එකඟ නොවීය.

තවද, පෞද්ගලික ප්‍රතිපාදන හෝ වෙනත් ආධාර මත සම්පූර්ණ කරන බවට තහවුරු කර ඉදිකර ඇති ඇතැම් ගොඩනැගිලිද අනුග්‍රාහකයින් විසින් ලබා දුන් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත ඉදිකිරීම් සම්පූර්ණ නොකර අතරමඟ නවතා ඇත.

(iv)

පළාත

ගොඩනැගිලි සංඛ්‍යාව

බස්නාහිර

77

දකුණ

-

මධ්‍යම

29

වයඹ

23

ඌව

01

උතුරු මැද

38

සබරගමුව

89

උතුර

60

නැ‍ඟෙනහිර

39

එකතුව

356

 

 

 

(v) මෙම ගොඩනැඟිලි බොහෝමයක් ඉදිකිරීම වසර කිහිපයකට පෙර ආරම්භ කර මේ වන විට ඉදිකිරීම් නවතා ඇති අතර, නැවත ඉදිකිරීම් ආරම්භ කිරීමේදී විවිධ ගැටලු මතු වී ඇත.

එම ව්‍යාපෘතිය ආරම්භයේදී එකඟ වූ ව්‍යාපෘති පිරිවැයට වඩා මේ වන විට පිරිවැය ඉතා ඉහළ ගොස් ඇති බැවින් ඉදිකිරීම් සමාගම් විසින් පෙර එකඟ වූ මිලට ඉදිකිරීම් සිදු කිරීමට එකඟ නොවන අතර, වර්තමානයේ පවතින මිල ගණන් අනුව එකඟත්වයන්ට පැමිණීමට සිදුව ඇත.

එසේම පවතින ප්‍රතිපාදන සීමා මත ද යම් යම් ගොඩනැඟිලි ඉදිකිරීම් සීමා වී ඇත. තවද, යම් ගොඩනැඟිලි බාහිර පුද්ගලයන් හෝ ආයතන මඟින් ඉදිකිරීම් ආරම්භ කළ ද ඒවා අවසන් කර නොමැති වීම මත රජයේ ප්‍රතිපාදන මඟින් අවසන් කළ යුතු වීම.

ඒ අනුව, ඉහත ගැටලු නිරාකරණය කරමින් ඉහත ගොඩනැඟිලිවල කඩිනමින් වැඩ අවසන් කිරීමට කටයුතු කරනු ඇත.

(vi) දැනට ඉදිකර අතරමඟ නතර කර ඇති ගොඩනැඟිලි ආරක්ෂිත ලෙස පාසල් ඉගැන්වීම් කාර්යයන් සඳහා භාවිත කරනු ලබන බවට මා වෙත වාර්තා වී ඇත. කෙසේ වෙතත්, ඉහත අර්ධ ලෙස ඉදිකළ ගොඩනැඟිලි භාවිත කිරීමේදී දරුවන්ගේ ආරක්ෂාව සහතික වන ආකාරයට කටයුතු කරන ලෙස ද අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇත.

(vii) ඉහත (v)හි පරිදි පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් ඉදිකිරීම් නිම කිරීමට කටයුතු කරනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-03-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks